මනෝ උපදේශකවරිය ඝාතනයට ආයුධය මිල දී ගෙන ඇත්තේ බත්තරමුල්ලේ වෙළෙඳසැලකින්

තලංගම ප්‍රදේශයේ ලැඟුම්හලක දී ඝාතනයට ලක් වූ මනෝ උපදේශකවරියගේ අනන්‍යතාවය හෝ ඝාතකයා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු කරුණක් අනාවරණය වී නොමැති බව තලංගම පොලීසිය පවසනවා.

ඒ, හේතුවෙන් සුජාතා මුණසිංහ මානාභරණ නැමති මනෝ උපදේශකවරියගේ සිරුර දින 08ක් පුරා කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඝාතනයට ලක් වූ මනෝ උපදේශකවරිය පසුගිය අගෝස්තු මස 26 වනදා පුද්ගලයකු සමඟ තලංගම ප්‍රදේශයේ ලැඟුම්හලක පැමිණ තිබුණා.

පසුව ඇය සමග පැමිණි පිරිමි පුද්ගලයා පසුගිය 03 වනදා ලැඟුම්හලින් පිටත්ව ගොස් තිබූ බවයි අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් 03 වනදා දහවල් කාලයේ සිට අදාළ කාන්තාව පෙනීමට නොසිටී බැවින් ලැඟුම්හල් සේවකයන් විසින් ඉන් පසුදිනයේ කාමරයේ දොර කඩා සෝදිසි කිරීමටයි කටයුතු කර තිබුණේ.

එම සෝදිසි කිරීමේ දී කැපුම් තුවාල සහිතව මෙම කාන්තාවගේ සිරුර කාමරයේ ඇඳ‍ මත තිබෙන අයුරු දැක ඒ සම්බන්ධයෙන් පොලීසියට දැනුම් දීමට ලැඟුම්හලේ සේවකයන් කටයුතු කර තිබුණා.

ඝාතනයට ලක් වූ මෙම මනෝ උපදේශකවරිය යුද්ධය පැවති සමයේ පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ගේ චිත්ත ධෛර්යය නැංවීම සඳහා මනෝ උපදේශන කටයුතුවල නියැළුණු තැනැත්තියක් බවට ඇයගේ ඡායාරූප සමඟ පළ වූ පුවත්පත් වාර්තාවලින් අනාවරණය වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම කාන්තාව රැඳී සිටි බව කියන වීරකැටිය, හපුතලේ හා උනවටුන ආදී ප්‍රදේශවලින් ද ඇය පිළිබඳ තොරතුරක් දන්නා පුද්ගලයන් හමු වී නොමැති අතර, ඇය පරිහරණය කළ ජංගම දුරකථන සිම් කාඩ්පත ද ලබාගෙන ඇත්තේ වෙනත් පුද්ගලයෙකුගේ හැඳුනුම්පතකට බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මේ අතර මනෝ උපදේශකවරියව ඝාතනය කළ බවට සැක කෙරෙන ඇයගේ සැමියා යැයි පැවසෙන පුද්ගලයා පොලීසියට ලියන ලද පිටු පහකින් යුත් ලිපියක් ද ලැඟුම්හලේ කාමරයේ තිබී පොලිසියට හමුව තිබුණා.

ඝාතකයා ඇගේ ගෙල කැපීම සඳහා උපයෝගි කරගත් තියුණු ආයුධය බත්තරමුල්ල ප්‍රදේශයේ වෙළෙඳසැලකින් මිලදී ගත් බවට සඳහන් බිල්පතක් ද පොලීසිය මේ වනවිට සොයාගෙන තිබෙනවා.

ඒ, අනුව එම පුද්ගලයා කවුරුන් ද යන්න හඳුනාගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළා.

තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් අනුරුද්ධගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්ෂිත ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48