සුනඛයන් ඇතිකරන පුද්ගලයකු විසින්ම වෙනත් අයෙකුගේ සුරතල් සුනඛයෙකුට ගිනි තබා ඝාතනය කිරීමේ අමානුෂික පුවතක් කඩවත, ඉඹුල්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.
තමන් සුරතලයට ඇති කළ ඉහළ වර්ගයේ සුනඛයන් සමඟ අදාළ සුනඛයා හැසිරීම හේතුවෙන් කෝපයට පත්ව මෙම ගිනි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් යක්කල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.













