මනුෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර අද (21) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

E- 8 වීසා කාණ්ඩය යටතේ දකුණු කෙරියාවේ රැකියා අවස්ථා, ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද (21) දිනයේ ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව හිටපු අමාත්‍යවරයා ඊයේ (20) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

ඒ අනුවයි ඔහු අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇත්තේ.