spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මනුෂ්‍ය ඝාතන දෙකකට අනුබල දුන් සැකකරුවෙක් අත්අඩංගුවට

එකම දිනයක ද්විත්ව ඝාතනයක් සිදුකර තවත් ද්විත්ව ඝාතනයක් කිරීමට ආධාර අනුබල දුන් ප්‍රධාන සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී ඔහු ද්විත්ව ඝාතනයක් පිටිගල ප්‍රදේශයේදී සිදුකර ඉන් අනතුරුව තවත් ද්විත්ව ඝාතනයක් එදිනම අම්බලංගොඩ ප්‍රදේශයේදී සිදු කිරීමටයි උත්සහ කර ඇත්තේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ (07) දින මෙම සැකකරුව ගාල්ල පොලිස් වසමේ පියදිගම දුම්රිය හරස්මාර්ගය අසල දී අත්අඩංගුවට ගනු ලැබුවා.

ගිංතොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43ක් වන මෙම සැකකරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පිටිගල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?