මනුෂගෙන් මහින්දට මුද්දරයක්

කම්කරු දෙපාර්තමේන්තුවට වසර සියයක් සම්පූර්ණවීම නිමිත්තෙන් නිකුත් කරන ලද සියවස් සමරු මුද්දරය ඊයේ (21) එළි දක්වනු ලැබූ අතර එහි පළමු මුද්දරය හා මුල් දින කවරය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් 1994 වසරේ සිය 2000 වසර දක්වා කම්කරු ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ප්‍රදානය කරනු ලැබුවේය.

කම්කරු දෙපාර්තමේන්තුවට වසර සියයක් සම්පූර්ණවීම නිමිත්තෙන් පාසල් මට්ටමින් මුද්දර නිර්මාණ තරගයක් පවත්වා තිබූ අතර එම තරගයෙන් ජයගත් හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ පී.ජී.ඩී. අදීෂා සෙව්නුලි දියණියගේ නිර්මාණය මුද්දරය සදහා යොදාගෙන තිබුණි. එහි දෙවැනි ස්ථානය දිනාගත් එම විද්‍යාලයේම සෙනුලි බිහන්ගා විජේසේකර දියණියගේ නිර්මාණය මුල් දින කවරය ලෙස යොදාගෙන තිබුණි.

මෙරට කම්කරු ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා කටයුතු කළ සියලු දෙනා වෙනුවෙන් මෙම මුද්දරය සහ මුල් දින කවරය නිකුත් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙහිදී සදහන් කළේය.

කම්කරු දෙපාර්තමේන්තුවට වසර 101ක් ගතවීමට පෙර නව රැකි රක්ෂා පනත ගෙන එමින් මෙරට කම්කරු ක්ෂේත්‍රය උඩු යටිකුරු කිරීමට කටයුතු කරන බවත්, මෙතෙක් කම්කරු ක්ෂේත්‍රයේ පැවති අඩුපාඩු සියල්ලටම විසදුමක් සහ ශ්‍රමයට නිසි ගරුත්වයක් ලබාදීමට නව රැකි රක්ෂා පනත මගින් අවකාශය උදාවන බවද අමාත්‍යවරයා පැවසුවේය.

නූතන වැඩ ලෝකයට ගැලෙපන ශ්‍රමිකයින් නිර්මාණය වන, ව්‍යවසායකයින් හා ආයෝජනවලට හිතකරවීමත් සමග ශ්‍රමිකයින් ආරක්ෂා කරන හා ඔවුන්ගේ සමාජ සුබසාධනය පුළුල් කරන යුගයකට ගමන් කරමින් සිටින බවද, නව රැකි රක්ෂා පනත මගින් දියුණු රටක් බිහි කිීමේ මූලික පියවර තබන බවද අමාත්‍යවරයා කීවේය. ඒ සදහා සියලු දෙනාගේම සහායද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාවට එක්ව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කම්කරු ප්‍රඥප්තිය ගෙන ඒම නිසාම ඇමැතිධූරයෙන් ඉවත් කිරීමට ලක්වූ දක්ෂ නායකයෙක් බවද ලාබාලම කම්කරු ඇමැතිවරයා ලෙස ඔහු තැබූ වාර්තාව තමන් විසින් බිද දමා ඇති බවද වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

WhatsApp Image 2023 12 22 at 10.29.51 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
7
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32
Video thumbnail
ප්‍රභූ ආරක්ෂාව ගැන ඇමති නලින්දගෙන් හෙළිදරව්වක් - සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙනවා
02:09
Video thumbnail
ගේ ඇතුලේ ඇඳ යට නිධන් හාරලා - බලද්දී ඇතුලේ තිබ්බ දේ..
02:14
Video thumbnail
බිත්තර, මස් මිල ඉහළ යයිද ?බඩ ඉරිඟු නැතිවුණොත් සත්ත්ව ආහාර නිෂ්පාදනය නවතිනවා
11:33
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:31
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52