මනාල යුවළක් ද රැගෙන අධික වේගයෙන් ධාවනය වූ ඩිෆෙන්ඩර් රථයක් කඩුවෙල – මාළඹේ ප්රධාන මාර්ගයේ සිදුකළ රිය අනතුරක් හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අධික වේගයෙන් ධාවනය වූ මෙම ඩිපෙන්ඩර් රථය කඩුවල මහ නගර සභාව ඉදිරිපිට දී ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක සහ වෑන් රථයක ගැටී තිබෙනවා.
මෙලෙස මෙම අනතුරෙන් තුවාල ලැබුවේ සිය විවාහ මංගල උත්සවය අවසන් කරන පිටව යන මනාල යුවලකුයි.
කුලී පදනම මත ලබාගත් මෙම ඩිෆෙන්ඩර් රථය ධාවනය කළ රියදුරා එය අධික වේගයෙන් පැදවූ බවට මෙතෙක් කරන ලද පොලිස් විමර්ශනවලදීම හෙළි වී ඇති බව සඳහන්.
මෙම ඩිෆෙන්ඩර් රථය ඉදිරියෙන් පැමිණි වෑන්රථයක හා යතුරු පැදියක ගැටී සිදුවූ අනතුරින් ඩිෆෙන්ඩර් රථයේ සිටි මනාළ යුවල පිටතට විසි වී නැවත වරක් එම වාහනයටම යට වී තුවාල ලබා තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ මනාළ යුවල පළමුව මාළඹේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකට ඇතුලත් කෙරුණා.
එසේම වෑන් රථයේ රියදුරු හා යතුරුපැදිකරු ද ඇතුලත් කෙරුනේ කොළඹ ජාතික රෝහලටයි.
මේ අතර අනතුර සිදුකර මනාල යුවළද අතරමඟ දමා පළා ගිය ඩිෆෙන්ඩර් රථයයේ රියදුරා සහ ඔහුගේ සහයකයා එම ප්රදේශයේම සැගවී සිටියදී පොලිසිය විසින් අතඩංගුවට ගනු ලැබුවා.
අතඩංගුවට ගනු ලැබූ සැකකරුවන් කඩුවෙල උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතයි.










