මන්නා රමේෂ් බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයට (වීඩියෝ)

රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන රමේෂ් ප්‍රියජනක හෙවත් “මන්නා රමේෂ්” අද (04) බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරය වෙත යොමුකර තිබෙනවා.

දැඩි රැකවල් මැද ඔහු අවිස්සාවේල්ල බන්ධනාගාර සිරමැදිරියේ සිට බූස්ස බන්ධනාගාරය වෙත රැගෙන ගිය බවයි දසත නිව්ස් වාර්තාකරු සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොලීසිය කර තිබූ ඉල්ලීමට අනුව ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තු මත ඩුබායිහි දී අත්අඩංගුවට ගත් මන්නා රමේෂ් පසුගිය මැයි මස 07 වනදා අලුයම දිවයිනට රැගෙන අවා.

අවිස්සාවේල්ල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් මනුෂ්‍ය ඝාතන, කප්පම් ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.