‘මන්නා රමේෂ්’ දිවයිනට රැගෙන එයි

ඩුබායිහි දී අත්අඩංගුවට ගත් මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් ලෙස සැලකෙන රමේෂ් ප්‍රියජනක හෙවත් ‘මන්නා රමේෂ්’ දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

අද (07) අලුයම 4.45 ඩුබායිහි සිට මෙරටට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් ඔහු මෙරටට රැගෙන විත් ඇති බවයි වාර්තා වුණේ.

අවිස්සාවේල්ල ප්‍රදේශය මූලික කරගනිමින් මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කප්පම් ගැනීම් ඇතුළු අපරාධ රැසකට මොහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්