මන්නා­රම මහා­ධි­ක­රණ විනි­සුරුට අපහාස කළ පිරිසක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග

මන්නා­රම මහා­ධි­ක­රණ විනි­සුරු එම්.එම්.එම්. මිහාල්ගේ ඡායා­රූප ඇතු­ළත් කර­මින් එතු­මාට අප­හා­ස­යක් සිදු­වන පරිදි කොළඹ සහ තදා­සන්න ප්‍රදේ­ශ­වල පෝස්ටර් ඇලවූ පෞද්ග­ලික බස් රථ රියැ­දු­රකු ඇතුළු තිදෙ­නකු ලබන 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර තිබෙනවා.

මාතලේ ඉෂාන් රවිෂ්ක,මඩ පාත මනෝච් මධුසංඛ හා ඇරව්වල ක්‍රිෂාන් නාලක යන සැකකරුවන් අද (12) දින රක්ෂිත බන්දනාගාරගත කළා

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර ඉකුත් අගෝස්තු මස 28 වැනි දින කොටුව දුම්රිය ස්ථානය අසල, රේගුව ආස­න්නයේ, අලු­ත්කඩේ මහා­ධි­ක­ර­ණය ආස­න්නයේ, පැල­වත්ත, බත්ත­ර­මුල්ල හා ගල්කිස්ස ආදී ජනා­කීර්ණ ප්‍රදේ­ශ­වල මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­ර­යාට අප­හා­ස­යක් වන පරිදි පෝස්ටරයක් සැකකරුවන් විසින් අලවා ඇති බව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා.

මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට පහරදීම සම්බන්ධයෙන් අධි චෝදනාලත් විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව මන්නාරම මහාධිකරණය මගින් තීන්දුව ලබාදීමට පෙර දින මෙම පෝස්ටර් අලවා ඇති බවද අපරාධ කොට්ටාස නිලධාරීන් සඳහන් කළා.

මහාධිකරණය මගින් අධි චෝදනා ලැබ වරදකරුවන් වූ චූදිතීන්ගේ මිතුරන් යැයි කියන පිරිසක් මෙම අපරාදය මෙහෙයවා ඇති බවට සාක්ෂි ඇති බවත් මෙම සැකකරුවන් විසින් පෝස්ටර් අලවා අදාළ ඡායාරූප අපරාදය මෙහෙය වූ පුද්ගලයන්ට යවා ඇති බවද හෙලිකර ගත් බව අපරාධ කොට්ටාස නිලධාරීන් පෙන්වා දුන්නා.

“ලෝක අධිකරණ ඉතිහාසයේ එක් දිනක් තුළ සාක්ෂි පනස් තුනක් විභාග කරලා.”අධිකරණ සේවා කොමිසම නිදිද?”යනුවෙන් සඳහන් කර ඡායාරූප ද සහිතව පෝස්ටරේ ප්‍රදර්ශනය කර ඇති බව සඳහන් කළ අපරාධ කොට්ටාස නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ, මෙම පෝස්ටරය සම්පූර්ණයෙන් අපහාසයක් බවත් අදාළ මහාධිකරණ නඩුව 2011 වසරේ පවරා,නඩු විභාගය 2021 වසරේ ආරම්භ කර 2024 අගෝස්තු මස 29 වැනි දින තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ නඩුවක් බවත්,අපරාධකරුවන් සිය මිතුරු චූදිතීන්ගේ බලපෑම මත මෙම පෝස්ටරේ අලවා ඇති බවත්ය.

බස්නා­හිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති කොළඹ අප­රාධ කොට්ඨා­සය වෙත කළ පැමිණිල්ල හා මහා­ධි­ක­රණ විනි­සුරු වරයා ඉදිරිපත් කළ පැමි­ණි­ල්ල ප්‍රකාරව තවදුරටත් විමර්ශන සිදු කරන බවත් සඳහන් කළා.

කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත, උප පොලිස් පරී­ක්ෂක චතු­රංග නිල­ධා­රියා ඇතුළු නිල­ධා­රීන් කණ්ඩා­යම් අධිකරණයේ පෙනී සිට තිබුණා.

ප්‍රධාන සැක­කරු මේ වන විට හඳු­නා­ගෙන ඇති අතර ඔහු පදිංචි ස්ථානය අතහැර දමා ගොස් ඇති හෙයින් අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා විම­ර්ශන තව­දු­ර­ටත් ක්‍රියා­ත්මක බව පොලි­සිය පවසනවා.

පැමිණිල්ලේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරමින් විමර්ශන ප්‍රගතිය 26 දිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48