spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මන්නාරමේ සිට පැමිණී සුඛෝපභෝගී බසය අතරමගදී පෙරළෙයි

මන්නාරම සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ සුඛෝපභෝගී මගී ප්‍රවාහන බස් රථයක් මදුරන්කුලිය 10 කණුව ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් තිබෙනවා.

මෙම බස් රථය වෙනත් වාහනයක් පසු කර යාමට උත්සහ කිරීමේදී එකවර ම මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කෙසේවෙතත් එහි ගමන් කළ මගීන් කිසිවකුටත් අනතුරක් සිදුවී නැහැ.

බස් රථය පෙරළි යාමෙන් පසු එහි ගමන් කරමින් සිටි මගීන් 30 කට ආසන්න පිරිස මහත් වෙහෙසක් දරා බස් රථයෙන් පිටතට පැමිණ තිබෙනවා.

බස් රථය දොඹකාර ආධාරයෙන් නැවත මාර්ගයට ගැනීමට කටයුතු කෙරෙමින් පවතින අතර මදුරන්කුලිය පොලිසිය විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
4
+1
3
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?