මන්ත්‍රී විශ්‍රාම වැටුප් යෝජනාව දුන් අය ගැන ඇමැති බැසිල් හෙළි කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපට හිමිකම් ලැබීම සඳහා වසර 10ක සේවා කාලයක් සම්පූර්ණ කළයුතු බවට වූ යෝජනාව ගෙනආවේ කවුදැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසුවා. 

2022 අයවැය යෝජනා සමාලෝචනය කිරීම සඳහා ඊයේ(13) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ යෝජනාව ආවෙත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙන් බව පෙන්වා දුන් අමාත්‍යවරයා ආණ්ඩු පක්ෂයේ 40%ක් ඉන්නේ නව මන්ත්‍රීවරු බවත් කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා,

“මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප නව පනතකින් කරන්න ඕනේ. ඒ පනත ගෙන ඒමේදී ආණ්ඩු පක්ෂයෙත් විපක්ෂයෙත් සහාය ලැබෙයි කියලා හිතනවා. විශ්‍රාම වැටුපක් ලැබීමට සාමාන්‍ය හිමිකම් ලැබෙන්නේ වසර 10ක් වත් සේවය කළොත් තමයි රජයේ සේවකයින්ට. ඒ අනුව අපි හිතනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් විශ්‍රාම වැටුපක් ලැබීමට නම් අවුරුදු 5 ප්‍රමාණවත් නෑ කියලා. වසර 10ක් වත් සම්පූර්ණ කළ යුතුයි කියලා. ආණ්ඩු පක්ෂයේ 40%ක් ඉන්නේ නව මන්ත්‍රීවරු. මේකට වැඩියෙන්ම සතුටු වුණෙත් ඒ මන්ත්‍රීවරු. මේ යෝජනාව ආවෙත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙන්මයි. මම ඔවුන්ට ගෞරව කරනවා ඒකට.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනාට බාධා කිරීම නිසා නහුතෙටම තදවෙයි - ඇයි අපිට කරදර කරන්නේ..අපි මේක දාලා යන්නම්
02:23
Video thumbnail
කාදිනල් හිමි හමුවී හර්ෂණ, නලින්ද කිව්ව දේ - "මම ප්‍රතිචාර දෙන්නේ නෑ ඔයාගේ ප්‍රශ්නයට"
13:22
Video thumbnail
පද්මන් සූරසේන පාර්ලිමේන්තුවට ගෙනත් අධිකරණ ඇමති කරන්න - බන්ධනාගාරයත් බලයි
11:47
Video thumbnail
නැව් 19යෙම ගෙනාවේ බාල ගල් අඟුරු..අරහේ මෙහෙ අතගාන්න එන්න එපා - මරික්කාර් රිදෙන්න දෙයි
06:06
Video thumbnail
චාමර යකා නටයි"කාදිනල් හිමි මට නඩු දානවා කිව්වා..කමක් නෑ මට දැම්මට"
01:30
Video thumbnail
චාමරගෙන්, පූජිත් සහ හේමසිරි ගැන ප්‍රබල හෙළිදරව්වක් - ජනපති අත්සන් කරලා එ#ලන්න කියන්න
03:45
Video thumbnail
හොඳටම සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින් - සත්තුන්ට දෙයියන්ගෙම පිහිටයි..
01:08
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද අගරදගුරු නිල නිවසට
01:31
Video thumbnail
චමින්දගේ වරප්‍රසාද නිසා සජිත් පාර්ලිමේන්තුවේ යකා නටයි - විපක්ෂ නායකට කතා කරන්න අයිතියක් නැද්ද ?
02:07
Video thumbnail
සතා ගැන අර්ථ නිරූපණයක් කළ ලාල්කාන්ත - කවුරුත් මේකට විරුද්ධ නෑනේ
17:13