මන්ත්‍රී මනූෂගේ ෆේස්බුක් සටහනට හිටපු බිරිඳ රොෂානාගෙන් ලැබුන සැර පිළිතුර

අපේ රටේ ඉන්න ජනප්‍රිය නිලියක් වන රොෂානා ඔන්ඩච්චි විවාහ වී සිටියේ මන්ත්‍රී මනූෂ නානායක්කාර සමග බව කවුරුත් දන්නා කරුණක් වෙනවා . මේ වෙනකොට ඇය තම දියණිය සමග තනිවම කල් ගෙවනු ලබනවා. ඊයේ දිනට යෙදී තිබූ කාන්තා දිනය වෙනුවෙන් මන්ත්‍රී මනූෂ සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක කර තිබුණා .

එම සටහන් පහතින් .
Manusha Nanayakkaara
ජාත්‍යන්තර කාන්තා දිනය අපි අද සමරනවා. කාන්තා දිනය දවසේදී විතරක් නෙමෙයි, අවුරුද්දේ හැම දවසකම මගේ ජීවිතය පිටුපසින් සිටින, කාන්තාවන් දෙදෙනෙක් මට මතක් වෙනවා.
එක් අයෙක් තමයි මගේ අම්මා. අනෙක් කෙනා තමයි මගේ බිරිද.
දේශපාලනය කිරීමේ වරදට මට මගේ පියා අහිමිවුනේ මට අවුරුදු එකොළහේදී. එතකොට මගේ මල්ලි ගොඩක් පොඩියි. එදා ඉදලා මමටයි, මල්ලිටයි, අක්කටයි හොද අධ්‍යාපනයක් ලබාදීලා සමාජයට වැඩදායී පුද්ගලයින් බවට පත් කරන්න අම්මා නොවිදි දුකක් නැහැ. ගුරුවරියක් විදියට සමාජයේ තවත් දූ දරුවන් රැසකගේ දෑස් පෑදූ ඇය මගේ ජීවිතය ඉදිරියට යන්න, මා පිටුපස සිටි සෙවනැල්ල වුනා. තාත්තා අහිමි අපේ පවුලේ බර කරට ගත් ඇය සැබෑම දිරිය කාන්තාවක්.
කාන්තාවන්ගේ ධෛර්ය ඒ තරම් ශක්තිමත්. සමාජයක් විදියට අපි කාන්තාවන්ට නිසි ඇගයීම, ගරුත්වය ලබාදිය යුතුමයි.
ඒ වගේම තමයි මගේ බිරිද, ශානිකා. ජීවිතයේ ජය පරාජයන්, දුක සැප හමුවේ එක ලෙසම මා හට ශක්තිය ලබාදෙන්නී ඇයයි. මට ආදරණීය බිරිදක් වන අතරම මා දරු තිදෙනාට ආදරණීය මවක් වන ඇය අපේ ජීවිත සෙවනැල්ලමයි. ඇය අපට ශක්තිය ලබාදෙන්නේ දහසක් දුක් කම්කටොළු විද දරාගැනීමට කාන්තාවට ඇති ශක්තිය පෙන්වමින්.
මවක්, බිරිදක්, දියණියක් වන කාන්තාව, සමාජයක් ලෙස අප අවබෝධ කරගත යුතු වන්නේ සමාජයේ ඇයට හිමි නිසි තැන ලබා දෙමින්. කුඩා වරදකදී පවා, කාන්තාවන් වෙත, අපවාද, අවලාද, චෝදනා ගොන්නක් ගොඩගසනවා වෙනුවට ඔවුන්ට නිසි ඇගයීම, වටිනාකම ලබාදීමට අප හුරුවිය යුතුයි.
ඒ වගේ දිරිය කාන්තාවන් වෙන්වූ ජාත්‍යන්තර කාන්තා දිනය අපි සැමරුවත්, කාන්තාවන් වෙනුවෙන් අපේ වගකීම අද දවසට සීමා කරන්න බැහැ. වෘත්තීමය දේශපාලඥයෙක් ලෙස මම හැමදාමත් ප‍්‍රතිපත්ති සම්පාදනය ඇතුළේ කාන්තාවන් වෙනුවෙන් කළ හැකි දේ කළා. හෙටත් ඒ වෙනුවෙන් වන ප‍්‍රතිපත්තිමය දායකත්වය ලබා දෙනවා.
ඒ පවුලක් පමණක් නොව යහපත් සමාජයක තිර පැවැත්ම තීරණය වන්නේ කාන්තාව විසින් ඉටු කරන මහගු කාර්යභාරය නිසා බව හොදින්ම අවභෝධ කරගෙන සිටින නිසා. ඒ වෙනුවෙන් කැපවූ ලාංකේය කාන්තාවන්ට ලොව දිනන්ට ශක්තිය ලැබේවායි ජාත්‍යන්තර කාන්තා දිනයේදී සුබ පතනවා

ඔහුගේ පෙර විවාහයේ බිරිඳ වන රංගන ශිල්පිනී රොෂානා ඊට ටිකක් සැර ප්‍රකාශයක් කරමින් සටහනක් තබා සමාජ මාධ්‍යට මුදා හැර තිබුණා .

එම සටහන් පහතින් .

Screenshot 20210309 101408


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36