මන්ත්‍රීවරුන් වැඩියෙන්ම කියවූ පොත් වර්ගය කථානායක හෙළිකරයි

2021 වසර තුළ මන්ත්‍රීවරයන් විසින් පාර්ලිමේන්තු පුස්තකාලයෙන් ලබාගෙන ඇත්තේ පොත් 330 ක් පමණක් බවත් ඉන් පොත් 122ක්ම ප්‍රබන්ධ කතා පොත් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කර සිටිනවා.

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ කරමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන අද පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කර සිටියා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා පාර්ලිමේන්තුව අමතා සිදු කල විශේෂ ප්‍රකාශය පහතින්.

“තවද පුස්තකාලයෙන් මන්ත්‍රීවරු ලබාගත් පොත්වලින් 94 ක් දේශපාලන විද්‍යාව සහ 27 ක් සමාජ විද්‍යාව පිළිබඳ ය. එසේම ආර්ථික විද්‍යාව පිළිබඳ පොත් 11 ක්, විද්‍යාව පිළිබඳ පොත් 5 ක්, නීති පොත් 4 ක්, තාක්ෂණය පිළිබද පොත් 3 ක්, අධ්‍යාපන ග්‍රන්ථ 1 ක් සහ සිංහල සාහිත්‍ය ග්‍රන්ථ 1 ක් වශයෙන් මන්ත්‍රීවරු ලබා ගෙන ඇති තොරතුරු වාර්තා වේ. මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තුවකට මෙය යහපත් නොවන තත්ත්වයකි.”

“සූදානමක් හා විෂය කරුණු පිළිබඳ දැනුමක් නොමැතිකම නිසා අපහාස, බොරු චෝදනා, පාර්ලිමේන්තු නොගැලපෙන භාෂාව විවාදයන් තුළ භාවිතා වීම සහ බොහෝ ප්‍රකාශ රජයට මග පෙන්වීමට වෙනුවට දේශපාලන වාසියක් ලබා ගැනීමට භාවිතා කිරීම මේ නිසා දක්නට ලැබේ. මෙම තත්ත්වය අවසානයේ ලැජ්ජාසහගත පාර්ලිමේන්තු විරෝධී හැසිරීමක් දක්වා වර්ධනය වීමට හේතුවී තිබේ.”

“කථානායකවරයා වශයෙන්, මෙම සභාව ඵලදායී ලෙස පැවැත්වීම සහ සියලුම මන්ත්‍රීවරයන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම මගේ වගකීමයි. සභාව, එහි ස්ථාවර නියෝග සහ අනෙකුත් ක්‍රියා පටිපාටි සැලසුම් කර ඇත්තේ ඒ සඳහා පහසුකම් සැලසීමටය. මෙම ආයතනයේ අභිමානය සහ ගෞරවය රැකීම සියල්ලන්ටම වඩා ප්‍රමුඛතම යුතුකමක් බව සියලුම සාමාජිකයන් තේරුම් ගත යුතුය. ජනතාවට මේ සභාව ගැන විශ්වාසය නැති වෙනවා නම් ඉන් අදහස් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශ්වාසය නැති වෙනවා යන්නයි. එහි ප්‍රතිවිපාක මේ රටේ සියලුම දේශපාලන පක්ෂවලට සහ පුරවැසියන්ට බලපානු ඇත.
ඒ බව තේරුම් ගෙන ජාතික අවශ්‍යතාවට අනුව කටයුතු කරන ලෙස මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි. මේ රටේ ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින අතර ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් මන්ත්‍රීවරුන් වගකීමෙන් ක්‍රියා කරනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති.”

“මෙම ආයතනයේ ප්‍රතිරූපය වර්ධනය කර ගැනීමට සහ ගුණාත්මකව පවත්වා ගැනීමට සහ එය සාක්ෂාත් කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව මා සමඟ සාකච්ඡා කිරීමට මට උදව් කරන ලෙස මම ඔබ සැමගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි. විශේෂයෙන්ම ප්‍රධාන සංවිධායකවරුන් දෙදෙනාම වඩාත් වගකීමෙන් ක්‍රියාකර තම තමන්ගේ පාර්ශ්වයට මඟ පෙන්වනු ඇතැයි මම අපේක්ෂා කරමි. විවාදවල ගුණාත්මක භාවය සහ සාමාජිකයින්ගේ හැසිරීම වැඩිදියුණු කිරීම සඳහා සාකච්ඡා කිරීම සඳහා මා පහත යෝජනා කෙටුම්පත් කර ඇත.”

● ස්වාධීන පර්යේෂණ සහ විශ්ලේෂණ කාර්යාලයක් හරහා, විශේෂයෙන්ම මන්ත්‍රීවරයන්ට අයවැය සහ කාර්ය සාධනය පිළිබඳ ස්වාධීන දැක්මක් ලබා දීම

● ආර්ථික විද්‍යාව, තාක්‍ෂණය, කළමනාකරණය, නායකත්වය, සමාජ විද්‍යාව වැනි මාතෘකා පිළිබඳ ක්ෂේත්‍ර ප්‍රවීණයන්ගේ සාකච්ඡා සහ ඉදිරිපත් කිරීම් සහ පාර්ලිමේන්තු රැස්වීම් අවසන් වූ පසු සවස් කාලයේ ඕනෑම මන්ත්‍රීවරයකුට පැවැත්විය යුතු යැයි ඉල්ලා සිටිය හැකි වෙනත් අදාළ මාතෘකා පිළිබද දැනුවත් කිරීම්.

● වෙනත් භාෂාවක් ප්‍රගුණ කිරීමට හෝ අධ්‍යාපනය හැදෑරීමට කැමති මන්ත්‍රීවරයන් සඳහා භාෂා සහ අධ්‍යාපන පහසුකම් සැපයීම.

“මෙම යෝජනා සඳහා කිසියම් වැඩිදියුණු කිරීමක් හෝ නිවැරදි කිරීමක් ඉදිරිපත් කරන ලෙසත් වඩා හොඳ ක්‍රියාකාරී ගෞරවනීය පාර්ලිමේන්තුවක් සහතික කිරීම සඳහා වඩා හොඳ යෝජනා ඉදිරිපත් කරන ලෙසත් මම සියලුම මන්ත්‍රීවරයන්ට ආරාධනා කරමි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56