spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මන්ත්‍රී වජිර සැකසූ ජනපතිගේ කාටූන් ඇතුළත් “Press Vs. Prez” කෘතිය එළිදකී

රට ආර්ථික අර්බුදයෙන් මුදා ගැනීමේ අසීරු කාර්යය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුවිශේෂී භූමිකාව පුවත්පත්වල කාටූන් ශිල්පීන් දුටු ආකාරය එක් කර සම්පාදනය කළ “Press Vs. Prez” කෘතිය එළිදැක්වීම අද (07)දින සිදු කිරීමට නියමිතයි.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී යි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන විසිනුයි මෙම කෘතිය සම්පාදනය කර ඇත්තේ.

රනිල් වික්‍රමසිංහ මහතා 2021 ජූනි 23 වනදා 9 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දුන් දා සිට එතුමාගේ ජාතික නායකත්වයේ ගමන් මග පිළිබඳ 2023 මැයි මාසය දක්වා පුවත්පත්වල පළවු කාටූන් 600ක් පමණ එක් කර මෙම කෘතිය නිර්මාණය කර තිබෙනවා.

කාටූන් ශිල්පීන් 40 දෙනෙකු සහ ජනමාධ්‍යවේදීන් 20කට ආසන්න පිරිසක් විසින් මෙහි නිර්මාණ දායකත්වය ලබා දී තිබෙන අතර එම කාටුන් ශිල්පින් සහ රූපවාහිනිය ඔස්සේ ඒවා ඉදිරිපත් කළ රූපවාහිනී නිවේදකයින් ද මෙහිදි ඇගයීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?