මන්ත්‍රී මුෂාරෆ් පක්ෂයෙන් නෙරපීම නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.එම්. මුෂාරෆ් එම පක්ෂයෙන් නෙරපීමට ගත් තීරණය නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

තමන්ව පක්ෂයෙන් නෙරපීමට එරෙහිව මුෂාරෆ් මන්ත්‍රීවරයා විසින් ගොනු කළ පෙත්සමක තීන්දුව ලබාදෙමින් ප්‍රියන්ත ජයවර්ධන ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුලක් විසින් මෙම තීරණය ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ කොළඹ වරාය නගර සංවර්ධන පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා රජය සමඟ එක්ව ඡන්දය ප්‍රකාශ කළේ යැයි චෝදනා කරමින් ඔහුගේ පක්ෂ සමාජිකත්වය අහිමි කිරීමට රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය තීන්දුකර තිබුණා.

තමන්ට සාධාරණ විනය පරීක්ෂණයක් ලබා නොදී සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම නීති විරෝධී බවට තීන්දු කරන ලෙස ඉල්ලා මුෂාරෆ් මන්ත්‍රීවරයා විසින් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණා.

මෙම පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන කියා සිටියේ, යම් පක්ෂයක සාමාජිකයකු නෙරපීමට පෙර ඔහුට කරුණු දැක්වීම සඳහා සාධාරණ අවස්ථාවක් ලබා දීම අත්‍යවශ්‍ය බවයි.

එහෙත් මෙම පෙත්සම්කාර මන්ත්‍රීවරයාට එම අවස්ථාව ලැබී නොමැති බව අධිකරණයට හැඟී යන්නේ යැයි සඳහන් කළ විනිසුරුවරයා නඩු විභාගයේදී වගඋත්තරකාර පාර්ශවය විසින් ඉදිරිපත් කර තිබූ ලේඛන වලද පරස්පරතාවයන් දක්නට තිබෙන බවත් සඳහන් කර සිටියා.

සියලු කරුණු පිරික්සීමේදී පෙත්සම්කාර මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට පෙර ඔහුට නිදහසට කරුණු දක්වීමට සාධාරණ අවස්ථාවක් ලබා නොදීම තුළින් ස්වභාවික යුක්ති ධර්මය නමැති නීතිමය මූලධර්මය උල්ලංඝන වී ඇති බවත් විසුරුවරයා පෙන්වා දුන්නා.

ඒ අනුව, ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමේ තීරණය නීතිය ඉදිරියේ බල ශුන්‍ය බව අධිකරණය විසින් තීන්දු කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුවෙන් වැඩිදුරටත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නෙත් නෑ - මිනිස්සු අතින් අල්ලාගනී
03:03
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද?
01:39
Video thumbnail
තාත්තයි පුතයි සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ
01:23
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි
01:02
Video thumbnail
නාවික හමුදාපතිගෙන් සැර කතාවක් - අපගේ කිසිම මෙහෙයුමක් ලිහිල් කරන්නේ නෑ
05:11
Video thumbnail
අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ රැළිය
01:04
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:58:20
Video thumbnail
උතුරු වෙරළේ කොටුවූ මත්ද්‍රව්‍ය ගැන විශේෂ අනාවරණයක් - මේ මිනිස්සුන්ට කිසිම හිතක් පපුවක් නැද්ද ?
09:04
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11