මන්ත්‍රී චම්පික ගේ නඩුව ගැන අධිකරණය දුන් තීන්දුව

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් තමාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විභාගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් ගොනු කර ඇති පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතීසි නිකුත් කරන්නේද? නැද්ද? යන නියෝගය මාර්තු මස 29 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නියෝග කළේ.

එම පෙත්සම අද මේනකා විජේසුන්දර සහ එස්. කුමාරන් රත්නම් යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීම සිදුවුණා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු බරපතළ අනතුරකට ලක් කිරීම සිද්ධියට අදාළව සිදුකළ විමර්ශන නොමඟ යැවීමට පෙත්සම්කාර පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් කටයුතු කළ ආකාරය පිළිබඳව මේ වනවිට සාක්ෂි රැසක් අනාවරණය වී තිබෙන බව සඳහන් කළේ.

මෙහි පෙත්සම්කරු මහාධිකරණ නඩු විභාගය කල් දමා ගැනීමේ චේතනාවෙන් කටයුතු කරන බවත් මහාධිකරණ නඩු විභාගය හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර සිටියේ.

ඉන් අනතුරුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විසින් මෙම පෙත්සමට අදාළ ලිඛිත දේශන ද අධිකරණයට ඉදිරිපත් කළේ.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල එම පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතිසි නිකුත් කරන්නේද? නැද්ද? යන නියෝගය මාර්තු මස 29 වන දා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළේ.

පෙත්සම්කාර චම්පික රණවක මහතා කියා සිටින්නේ 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු වූ බව කියන රිය අනතුරු සිද්ධියකට අදාළ සාක්ෂි වසන් කිරීම හා සාක්ෂි ගෙතූ බවට චෝදනා කරමින් තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බවයි.

එම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට සිය නීතිඥවරු විසින් මූලික විරෝධතා මතු කළ ද එය ප්‍රතික්ෂේප කිරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළ බව රණවක මහතා සඳහන් කරයි.

අනතුරුව නඩුව විභාගයට ගැනීමට විනිසුරුවරයා නියෝග කළ බව ද චම්පික රණවක මහතා අභියාචනාධිකරණය හමුවේ සඳහන් කළේ.

මහාධිකරණ විනිසුරුවරයාගේ මෙම තීරණය නීතියට පටහැනි බව පෙන්වා දෙන ඔහු එබැවින් මහාධිකරණ නඩු විභාගය අත් හිටූවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06