මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර්ගේ සිද්ධියේ හතරක් අත්අඩංගුවට

කිලිනොච්ච්, මරදන්කේනි පොලිස් වසමේ සාමාන්‍ය පෙළ විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් අසල දී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට සාපරාධී බලහත්කාරය පෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු හා සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (15) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් එක් සැකකාරියක් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ කාර්යාලයේ සේවය කරන තැනැත්තියක් වන අතර, ඇය පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි වියේ පසුවන්නියක්.

අනෙක් සැකකාරිය 54 හැවිරිදි වියේ පසුවන ගරු වෘත්තියේ යෙදෙන යාපනය ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රිවරයාගේ රියැදුරෙකු ද සිටින අතර, ඔහු 40 හැවිරිදි වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත අනෙක් සැකකරු යාපනය ප්‍රදේශයේ ගුරු සංගමයක උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කරන 43 හැවිරිදි අයෙක්.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සහ සැකකාරියන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (15) දින ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරි බව පොලිසිය සඳහන් කළේ.

සාමාන්‍ය පෙළ විභාග පසුගිය 02 වනදා ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා සම්බන්ධ වෙමින් ඇති වූ සිද්ධියේ දී මන්ත්‍රීවරයා ද අත්අඩංගුවට ගැනුණු අතර, පසුව ඔහු ද ශරීර ඇප මත මුදාහැරීමට කිලිනොච්චි අධිකරණය නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38