මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ඇතුළු දෙමළ ජාතික සභාවේ පිරිසක් විජේ හමුවෙන්න ගිහින්

ශ්‍රී ලංකාවේ දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF) ප්‍රමුඛ දෙමළ ජාතික සභාව නියෝජනය කරන දූත පිරිසක් තමිල්නාඩු මහඇමති ජෝසප් විජේ හමුවී තිබෙනවා.

චෙන්නායි නුවර දී ඊයේ (03) මෙම හමුව සිදුව ඇති අතර, එහිදී ශ්‍රී ලාංකික දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම නියෝජිත පිරිස ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් ඇතුළත් ලේඛනයක් ද තමිල්නාඩු මහඇමති වෙත භාර දී තිබෙනවා.

ශ්‍රී ලාංකික දෙමළ ජනතාව දැනට මුහුණ දෙන දේශපාලන හා මානව හිමිකම් ගැටලු, දෙමළ ජාතියේ ස්වෛරීභාවය පිළිගන්නා ෆෙඩරල් දේශපාලන විසඳුමක ඇති අවශ්‍යතාවය සහ ඊළාම් දෙමළ ජනතාවට සිදුවූ බව කියන හිංසනයන් සම්බන්ධයෙන් ස්වාධීන අන්තර්ජාතික පරීක්ෂණයක් පැවැත්වීම පිළිබඳව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුව ඇති බව සඳහන්.

එමෙන්ම ඉන්දීය සහ ශ්‍රී ලාංකික දෙමළ ධීවරයන්ට බලපාන ගැටලුවලට ස්ථිර විසඳුමක් ලබාදීමේ අවශ්‍යතාවය මෙන්ම ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන්ගේ දිගුකාලීන ගැටලු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38