මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු විපක්ෂයට යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතා විපක්ෂයට එක් වීමට තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ දී අද (21) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා මේ බව පැවසුවා.

රටේ අනාගතය වෙනුවෙන් හා රටේ ආර්ථිකය වෙනුවෙන් ලබන ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන බවයි හෙතෙම කියා සිටියේ.