කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින කොටුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාළව නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන්ට වරෙන්තු නිකුත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (24) පියවර ගෙන තිබෙනවා.
නඩුවට අදාළව මන්ත්‍රීවරයා මෙලෙස අද (24) දිනයේ දී පෙනී සිට නොමැති අතර සැකකර මන්ත්‍රීවරයාගේ නඩුව විභාගයට ගන්නා අවස්ථාවේදී ඔහුගේ ඇපකරුවන්ද අධිකරණයේ පෙනී සිට නැහැ.
ඒ අනුව සැකකාර මන්ත්‍රීවරයාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1













