spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මන්ත්‍රීව බේරේ වැවෙන් නෑවූ අයෙක් කොම්පඤ්ඤ වීදියේ දී අල්ලයි

පසුගිය මැයි 09 වනදා ඇති වූ කලහාකාරී සිද්ධීන් අතරතුර, අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුගේ මුදල් පසුම්බිය කොල්ලකා ඔහුව බේරේ වැවට තල්ලු කළ බව කියන කණ්ඩායමේ සිටි පුද්ගලයකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොම්පඤ්ඤ වීදිය – වෑකන්ද පාර ප්‍රදේශයේ දී අදාල පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මැයි 09 වන දින මන්ත්‍රීවරයා බස් රථයකින් ගමන් කරමින් සිටිය දී සැකකරු ඇතුළු පිරිසක් කොල්ලුපිටිය ප්‍රදේශයේ දී බස් රථයෙන් බස්සවා ඔහු සතුව තිබූ මුදල් කොල්ල කා අනතුරුව බේරේ වැවට තල්ලු කර දමා ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?