මන්ත්‍රීවරු සමග සාකච්ඡා නොකර පළාත් පාලන සීමා නිර්ණය ගැන අවසන් තීරණයක් ගන්නේ නැහැ – අගමැති

පළාත් පාලන මැතිවරණය සදහා සීමා නිර්ණය කිරීමේදී මන්ත්‍රීවරු සංඛ්‍යාව අඩුකිරීම සිදුකළද කිසිදු ජන කොට්ඨාසයකට අසාධාරණයක් සිදුවීමට ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

සියලු මන්ත්‍රීවරයන් සහ පාර්ලිමේන්තුව සමග සාකච්ඡා නොකර අවසන් තීරණවලට එළඹෙන්නේ නොමැති බවයි ඔහු ප්‍රකාශ කළේ.

තරුණ සහ කාන්තා නියෝජනයට සාධාරණයක් වන පරිදි මෙම කටයුතු සිදුවිය යුතු බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කරනවා.

පාර්ලිමේන්තුවේදී පැවති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපතීත්වය දරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත යන මහත්වරු ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

2023 පළාත් පාලන මැතිවරණය සදහා නාම යෝජනා බාරදුන් රාජ්‍ය සේවකයන්ට මැතිවරණය ප්‍රමාදවීම නිසා මුහුණපාන්නට සිදුව ඇති දුෂ්කරතා පිළිබද මෙහිදී අවධානය යොමු වුණා. ඔවුන් සඳහා වැටුප් ගෙවිය යුතු බවට චක්‍රලේඛනයක් නිකුත් කර තිබියදීත් ඇතැම් ආයතනවල එම කටයුතු නිසි පරිදි සිදු නොවන බවටයි මෙහිදී සාකච්ඡා කෙරුණේ.

එසේම ඇතිවී ඇති තත්ත්වය අනුව තාවකාලික අනුයුක්ත කිරීම් සිදු කිරීමේදී මෙම සේවකයන්ට විශාල අපහසුතාවන්ට පත්වීමට සිදුව ඇති බවත් මන්ත්‍රීවරු මෙහිදී පෙන්වා දෙනු ලැබුවා. මෙහිදී ළඟම ආයතනයට අනියුක්ත කිරීම් සිදුකීරමට චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර ප්‍රකාශ කළේ. මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී තිබෙනවා.

මෙම තත්තවය වෙනස් කිරීම සදහා අවශ්‍යමය නීතිමය සංශෝධනය ගෙනඒමට පියවර ගන්නා ලෙස ද මන්ත්‍රීවරයන් විසින් මෙහිදී ඉල්ලීමක් කළ අතර නොඑසේ නම් නම් පාර්ලිමේන්තුව මගින් නාමයෝජනා අහෝසි කිරීම සඳහා යෝජනාවක් සම්මත කිරීමට යෝජනාවක් ද මෙහිදී ඉදිරිපත් වුණා.

ක්ෂේත්‍ර නිලධාරීන්ට තම මැතිවරණ බල ප්‍රදේශය තුළ ඡන්දය ඉල්ලීමට පවතින බාධා ඉවත් කිරීම සඳහා සකස් කළ පනත් කෙටුම්පතෙහි කටයුතු පිළිබදව ද කමිටුවේ අවධානය යොමු වුණා. ඒ අනුව පනත් කෙටුම්පත නීතිපති උපදෙස් සදහා යොමුකර ඇති බවයි නිලධාරීන් සඳහන් කළේ. ඒ අනුව ඒ සදහා අවශ්‍ය පියවර කඩිනමින් ගෙන පනත් කෙටුම්පතෙහි කටයුතු අවසන් කිරීමට අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

පළාත් පාලන ආයතන කොමසාරිස්වරුන් යටතේ මේවන විට පළාත් පාලන ආයතන පාලනය වන බැවින් මහජනතාව වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදු කිරීම සදහා මැදිහත් වීමේ අවශ්‍යතාව මන්ත්‍රීවරු පෙන්වා දුන්නා. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් හරහා මහජන ගැටලු විසදීමේ කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම සදහා පළාත් ආණ්ඩුකාරවරුන්ට උපදෙස් ලබාදීමට පියවරගන්නා බවයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මෙහිදී පැවසුවේ.

පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන්ට නිසිපරිදි මාරුවීම් ලබා නොදීම පිළිබදවත් මෙහිදී අවධානය යොමු වුණා. ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු සියලු පරිපාලන නිලධාරීන්ගේ මාරුවීම් නිසිපරිදි සිදුකළ යුතු බවට ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා. ඒ අනුව වහාම ඒ සඳහා පියවර ගන්නා ලෙසටයි අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ.

තිස්සමහාරාම හිටපු ප්‍රාදේශීය ලේකම්වරිය මාධ්‍යයට පවසා ඇති කරුණු සම්බන්ධයෙන්ධයෙන්ද මෙහිදී කරුණු සාකච්ඡා කෙරුණා. මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක ව වාර්තාවක් කැදවූ බවත් පෞද්ගලික හේතුවක් මත කැමැත්තෙන් ස්ථානමාරුවක් ඉල්ලා ඇති බවට ලිපියක් ද ලැබුණු බවත් අනාවරණය වී තිබෙනවා. මෙවැනි ප්‍රකාශයක් නිකුත් කිරීම සාධාරණ නොවන බවත් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කළා.

වේයන්ගොඩ ප්‍රාදේශීය සභාව ඇතුළු ප්‍රාදේශීය සභා නගරසභා බවට පත්කිරීමේ කටයුතු පිළිබදව ද මෙහිදී අගාමාත්‍යවරයාගේ අවධානය යොමු වුණා. මෙවැනි ඉල්ලීම් 85ක් මේ වන විට පවතින බවත් හෙළිවූ අතර ඒ අනුව එම කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය උපදෙස් අග්‍රාමාත්‍යවරයා විසින් ලබා දෙනු ලැබුවා.

2020 වසරේ උපාධිධාරී අභ්‍යාසලාභී වැඩසටහන යටතේ සුදුසුකම් ලද උපාධිධාරීන්ට පත්වීම් ලබා දීමේ වැඩසටහනේදී මෙම ක්‍රියාවලියේ පැවති අඩුපාඩු හේතුවෙන් ස්ථිර පත්වීම් ලබා දී නොමැති පිරිස ස්ථිර කිරීම පිළිබදව විපක්ෂනායකවරයා කාරක සභාවේ අවධානයට යොමු කළා. ඒ සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බව, අගමැති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් සමාලෝචන කමිටුවෙන් නිර්දේශ කර ඇති බවයි නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්නේ. ඒ අනුව එම කටයුතු කඩිනම් කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙනවා.

රාජ්‍ය ආයතන වෙත අනුයුක්ත කර ඇති 30,000 කට ආසන්න බහු කාර්ය දෙපාර්තමේන්තු සේවකයින්, දැනට සිටින ස්ථානවල ම සේවයේ යෙදවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සොයාබලන බවත්, ඔවුන්ගේ වැටුප පවා ඉහළ තලයකට පත්වන බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියාසිටියා.

තවද පළාත් පාලන ආයතනවල වසර ගණනාවත් සේවය කළ පිරිස ස්ථිර කිරීම සදහා කටයුතු කිරීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කරනු ලැබුවා. දැනට මෙවැනි සේවකයන් 9700ක් සිටින බවත් ඒ සදහා ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියලුම ඇල්ල බලාගෙන ඉද්දීම දරුණු වුණ හැටි
01:03
Video thumbnail
ජනපති කළ ප්‍රකාශයට ගම්මන්පිල හොඳ පදෙන්ම කියයි..ස්වාධින කොමිසමත් ජනපතිට බයද ?
05:51
Video thumbnail
Breaking News | රටම අවධානයෙන් ! කාලගුණයෙන් රතු එළි | නවතම තත්ත්වය LIVE
40:53
Video thumbnail
ඊළඟ ජනපති නාමල් කියලා දැන් හිරගෙවල්වලත් කියනවා
06:00
Video thumbnail
දැඩි වුණ කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..කොළඹ ආශ්‍රිතව මිලිමීටර් 200ක වර්ෂාපතනයක්
04:50
Video thumbnail
මරික්කාර් මහින්දට සැරටම කියයි - වැරදි කළා නම් මුහුණ දෙන්න ඕනේ
02:25
Video thumbnail
NBRO නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදනය තවත් දීර්ඝ කරයි..මෙන්න අවදානම් දිස්ත්‍රික්ක
02:11
Video thumbnail
රත්නපුර මහා නගර සභාවේ වැසිකිළියට විශාල ගලක් කඩා වැටෙයි
01:19
Video thumbnail
කඩාහැලෙන මහ වැස්ස රට පුරා කරලා තියන විනාශය
05:11
Video thumbnail
පාසල් ළමුන් ගමන් කළ බස් රථයක් සහ ලංගම බසයක ගැටී සිදු වූ අනතුර
00:56