මන්ත්‍රීවරුන්ට දුන් ආරක්ෂක ගිනිඅවි වහාම භාරදෙන ලෙස දැනුම්දීමක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී තිබූ පෞද්ගලික ආරක්ෂක ගිනිඅවි යළිත් භාරදෙන ලෙස දැනුම්දී තිබෙනවා.

ඒ අනුව එම නිල ගිනි අවි සියල්ලම ආරක්ෂක අමාත්‍යාංශය වෙත වහාම භාරදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි දැනුම්දී ඇත්තේ.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය විසින් මේ බව මන්ත්‍රීවරුන්ට දැනුම්දී තිබෙනවා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති සියලු
වරප්‍රසාද පහසුකම් අහිමි වන බවයි වාර්තා වන්නේ.