මන්ත්‍රීවරුන්ට ගෙන්වන කැබ්වලින් මගේ එක ගෙන්වන්න එපා – මන්ත්‍රී ජගත් විතාන

2026 අයවැය යෝජනා අනුව යෝජනා කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ආනයනය කර නැවතලබා දීමේ පදනම මත ලබා දෙන කැබ් රථය තාමා විසින් ලබා නොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන පවසනවා.

ඒ, අනුව රජය විසින් ආනයන සඳහා සූදානම්වන කැබ් රථ 1775න් ආනයනය කළ යුතු වන්නේ කැබ් රථ 1774ක් පමණක් බවයි මන්ත්‍රීවරයා නිවේදනයක් මඟින් සඳහන් කරන්නේ.

රජය විසින් කැබ් රථ 1775ක් ආනයනය කරන්නේ නම් එය බදු මුදල් ගෙවන ජනතාවට කරන බලවත් අසාධාරණයක් බවයි ඔහු එම නිවේදනය නිකුත් කරමින් සඳහන් කළේ.

තමාගේ ඉල්ලීම සඳහා අනුමැතිය සහ මුදල් අමාත්‍යංශයේ තීරණය තමන් වෙත දැනුම් දීමට කාරුණික වන ලෙසත් ජගත් විතාන මන්ත්‍රීවරයා අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් දන්වා තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රජයේ ආයතනවලට කැබ් රථ 1775ක් ආනයන කිරීමට 2026 අයවැය මඟින් යෝජනාවක් ඉදිරිපත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25