මධුෂ්කගෙන් පළමු දිනයේදී ම අර්ධ ශතකයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (30) චැතග්‍රොම් හිදී ආරම්භ වුණා.

මෙම තරගයේ කාසිය වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා නායකයා චැතග්‍රොම් තණතීරුවේ පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ, අනුව පළමු ඉනිම ක්‍රීඩාකරන ශ්‍රී ලංකාව දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කිසිවෙක් නොදැවී ලකුණු 88ක් රැස්කරගෙන සිටියා.

එහිදී නිශාන් මධුෂ්ක අද සිය දෙවන ජාත්‍යන්තර ටෙස්ට් අර්ධ ශතක රැස්කමින් ලකුණු 55ක් ලබාගෙන කඩුල්ලේ රැදී සිටින අතර, දිමුත් කරුණාරත්න ලකුණු 33ක් ලබාගෙන සිටිනවා.

මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අසිත ප්‍රනාන්දු කැඳවා ඇති අතර, බංග්ලාදේශ කණ්ඩායමේ ද වෙනස්කම් දෙකක් සිදුකර තිබෙනවා.

ඒ,අනුව තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන් සහ වේග පන්දු යවන ක්‍රීඩක හසන් මහමුද් බංග්ලාදේශ එකොළොස් දෙනා අතරට එක්කරගෙන තිබෙනවා.

හසන් මහමුද් අද ක්‍රීඩා කරන්නේ සිය මංගල ටෙස්ට් තරගයටයි.

ඔහුට හිමි බංග්ලාදේශ ටෙස්ට් කැප් තොප්පිය ශකිබ් අල් හසන් විසින් ඔහුට පිළිගන්වනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14