spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මධුෂ්කගෙන් පළමු දිනයේදී ම අර්ධ ශතකයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (30) චැතග්‍රොම් හිදී ආරම්භ වුණා.

මෙම තරගයේ කාසිය වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා නායකයා චැතග්‍රොම් තණතීරුවේ පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ, අනුව පළමු ඉනිම ක්‍රීඩාකරන ශ්‍රී ලංකාව දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කිසිවෙක් නොදැවී ලකුණු 88ක් රැස්කරගෙන සිටියා.

එහිදී නිශාන් මධුෂ්ක අද සිය දෙවන ජාත්‍යන්තර ටෙස්ට් අර්ධ ශතක රැස්කමින් ලකුණු 55ක් ලබාගෙන කඩුල්ලේ රැදී සිටින අතර, දිමුත් කරුණාරත්න ලකුණු 33ක් ලබාගෙන සිටිනවා.

මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අසිත ප්‍රනාන්දු කැඳවා ඇති අතර, බංග්ලාදේශ කණ්ඩායමේ ද වෙනස්කම් දෙකක් සිදුකර තිබෙනවා.

ඒ,අනුව තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන් සහ වේග පන්දු යවන ක්‍රීඩක හසන් මහමුද් බංග්ලාදේශ එකොළොස් දෙනා අතරට එක්කරගෙන තිබෙනවා.

හසන් මහමුද් අද ක්‍රීඩා කරන්නේ සිය මංගල ටෙස්ට් තරගයටයි.

ඔහුට හිමි බංග්ලාදේශ ටෙස්ට් කැප් තොප්පිය ශකිබ් අල් හසන් විසින් ඔහුට පිළිගන්වනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?