මධුමාදව අරවින්දගේ ගෙදරත් ගෑස් ලිපක් පුපුරාලාද?, හදිසියේම මුහුණු පොතේ සටහනක්

“පුපුරන ගෑස්” මේ දවස්වල රටේ ප්‍රධානම මාතෘකාවක්.. දවස ගානේ, පුපුරන ගෑස්වල වීඩියෝ එහෙමත් සමාජ මාධ්‍යයේ අපිට දැකබලාගන්න පුළුවන්…! මේ අතරතුරේ ගායන ශිල්පි මධුමාදව අරවින්දත් ඔහුට වුණ ඇබැද්දියක් ගැන සඳහන් කරමින් මුහුණු පොතට සටහනක් එක් කර තිබුණා.

 

එම සටහන පහතින් බලන්න….

අම්මගෙ ගෑස් වයරයත් පිපිරුනා

ගිනි ගන්න උනා……

ගොඩක් අයගෙ අම්මල

මට මතක් උනා….

අම්ම කලබලෙන් දුන් ඇමතුමෙන්….

අද උදේම අපි කඩා ගෙන අම්මගෙ ගෙදර ගියා..

ප්‍රවෘත්ති වල අපි දැකල තිබ්බට…

ගෙදර ඇතුලෙ බෝම්බෙ පත්තුවෙනකම්….

අපිට දැනෙන් නෑ …. අපෙ අසරනකම..

කාට කියන්නද….

මොකක්කරන්නද….

ඔය වගේ දාහක් හේතු හිත හිත අපි ඉගිලුනා අම්මලගෙ ගෙදරට……

ඇයට අනතුරක් නෑ… ඇගේම පිහිටෙන්…

තාත්තා ටත් අනතුරක් නෑ….

අයියට අනතුරකුත් නෑ..

ටික දවසකට කලින්, අම්මගෙ ගෑස් එකට සබන් පෙන දාල අපි බැලුව .

මුකුත් වෙලා තිබ්බෙ නැ….

ඒත් මාසයක් පාවිච්චි කරන ගෑස් එක මේපාර දවස් 13 ඉවර උනා….

ඒකටකමක් නෑ කියල අපි කිව්වෙ….

එහෙම උනේ ඇයි කියල අපි දන්නෙ නැති නිසා…

අම්මගෙ අතිරේක ගෑස එක හයියකරල සබන් පෙන

විද්‍යා ව කලා…. (කොච්චර දිවුනු ජාතියක්ද අපි)

ඒකත් මුකුත් නෑ….

ඒ උනාට ඒක ගෑස් කොහෙන් හෝ කාන්දු කරල

අම්මගෙ කුස්සියෙ අද ගිනි තිබ්බ..

වහල , වටපිටාවෙ භාජන කිහිපයක් විනාශ කරල… අම්මට මුකුත් නොකර ඒ ගින්න

තාත්තා අතින් නිවිලා ගිහින්…

ඇත්තටම කාටවත් මුකුත් නොකියා…

ඔබට කියන්නේ…..

හෙට ඔබට මෙය වෙන්න පුලුවන්….

ගෙදරටම එවල තියෙනව අවුරුදු 73 මේ රට කරවපු හැමෝම එකතු වෙලා අපිට….

පරීක්ශනාගාරයක්…..

පිපිරෙනවද නැද්ද බලන්න…

ජයවේවා ….

අම්මලගෙ ගෙදර 455 වෙනි ගෙදර පරීක්ශනයෙන් සමත් උන….

දැන් පිපුරනට පස්සෙ මොකද අපිකරන්න ඕනේ…

හරි මන් කියන්නම්…

ගින්න නිවා ගන්න…

ගෑස් එක එලියෙන් තියන්න…

තුවාල ඇත්නම් බෙහෙත් කරගන්න,

ගිනි ගත්ත තැන් , බඩු ගොඩක් ගසා විසිකරන්න,

ගිනි ගත්ත වහලට වහල් කෑල්ලක්දා ගන්න…

බූමිතෙල්, දර හෝ විදුලි ලිපක් හොයාගන්න..

එක්කො මේක අදිරාජවාදී බලල් ඇටයක් කියල සැක කරයි තව සැට් එකක්…

අරකට්ටියක් දාල තියෙනවා වියත්තු ටිකක්..

උන් කුස්සියට රිංගල ඔබෙන් ප්‍රශ්න අහයි…

ගිනි ගන්නකොට කොහෙද රත් උනේ.. කොහෙද නිවුනේ කියල….. තටු මාරු උනාද බුරිය උල් උනාද කියල අහයි…..උන්වත් ගෙන්න ගන්න…

ගෙදර ගිනි ගත්ත බව ඔබට ඉන්න හිතවතුන්ට කියන්න…

නැත්තම් මෙහෙම බුකියේ දමන්න…

මොන මගුලක් හරි කරන මගුල් ටික ඔක්කම ඔබම කරගන්න…

ඉතිං සාදු කාරයක් දෙන්න පිංවත…

අපිත් ඔන්න එහෙමම කරගත්තා…..

අර මාද්‍ය ට කියන එකයි කුස්සුයට රිංගන වියත්තු ටිකටයි දේසපාලුවො ටිකටයි කිව්වෙ නෑ ඉතිං… චොරි හරිද…

ඔය ඔක්කම ටික ඉවර උනාම…

පුපුරපු නැති ලෝකෙ තියෙන කැතම කුනු හරුප ටිකක් ගෑස් එක ලගින් අම්මගෙ

තියල ආව…….

දවසක පුපුරවන්න……

ඒ කුනු හරුප වලට පාටක් නැ

හැඩයක් නෑ….

ඒවා අවුරුදු හැත්ත තුනක් රටට පරන..

මටත් අවුරුදු තිහක් තිස්සෙ (18 චන්ද අයිතිය ලැබිල තිහයි මට ) හොදට අත් වින්ද කුනු හරුප…

එහෙම කුනු හරුප ගොඩක් ගොඩාක් ගෙවල් වල ලොකු වෙනව, හැදෙනව, මිරිකි මිරිකි ඉන්නව…

එහෙම් ඇත්ත මිනිස්සු දවසක පුපුරාවි…

එතකම් ඒ මිනිස් ගින්න … රත් උනාවෙ…

ගෑස් පිපුරුනාම අපි බේරුනා……

හැබැයි අරකුනු හරුප ටික පුපුරන දා….

මොන පාටින් හැන්ගිලා හිටියත් …..

මොන ලාංචනයෙන් මර්සිය දැම්මත්….

මොන නමින් ආවත්….

බහුතරයක් තක්කඩියන්ට හැම පාටෙම…

හොදට දැනෙයි….

ගෑස් වලින් අපෙ අම්මලට මුකුත් උනේ නෑ…

ඒ නිසා අවුරුදු හැත්තෑ තුනක් අපිට සැපම දුන්න..

නුබලාගේ අම්මලාව ආදරෙන්…..

මතක් කරා කියන්න …

මොකද ඒ අහිංසක අම්මලව බොහෝ අයමතක්කරනව මේ ටිකේ….

කියවන ඔබ පරිස්සමට ….

ඔබේ ගෑස් ලිපත් දන්නේ නෑ

අපේ අම්ම වගේම ඇයි එහෙම උනේ කියල..

පරිස්සම්වෙන්න…. ඔබ ලංකාවෙ නම්… ගෑස්පාවිච්චි කරනවනම්,

ආන්ඩු කරපු , නොකරපු එක සුනර්කයෙක්වත්

අද වෙනකම් හොයල නෑ ගැස්, ගෑස්ලිප්, රෙගුයුලේටර්, බට, ගැන මොන කෙහෙල්මලක් වත්…..

අද ඔබේ පරීක්ෂණය දිනය විය හැකියි….

අපි හොයල පිපිරිල මුන්ට කියමු….

දවසක පාටක් නැති පක්ශයක් නැති කැකෑරෙන කුනු හරුපවලින්….

අපි පුපුරමු…..

මදු මාදව අරවින්ද…..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
00:00
Video thumbnail
කුරුවිට බන්ධනාගාරය නිරීක්ෂණයට ඩ්‍රෝන යානාත් යොදවයි - ආරක්ෂාව තර කරයි
03:40
Video thumbnail
"අපිව පන්නනවා සර්.. අනේ දරුවන්ට මොකද වුණේ කියන්න"
00:45
Video thumbnail
"එකම ඉල්ලීමයි කරන්නේ.. අපේ දරුවෝ නිදහස් කරගන්න රස පරීක්ෂක වාර්තා එවන්න.."
00:55
Video thumbnail
තව ඇතුළේ වෙ# තියනවා - අම්මගේ අදෝනාව ඇහෙන්නේ නැද්ද ?..මේ මි#මරු JVP ආණ්ඩුව අපිට එපා
02:53
Video thumbnail
චමින්ද විජේසිරි බන්ධනාගාර වෑන් රථයෙන් පාර්ලිමේන්තුවට ආ හැටි
00:50
Video thumbnail
සිර දඬුවම් නියම වූ සජබ මන්ත්‍රී චමින්ද පාර්ලිමේන්තුවට ආ හැටි
01:19
Video thumbnail
STF ඇතුළු ආරක්ෂක අංශ පල්ලන්සේන බන්ධනාගාරය තුළට - රැඳවියන් හතර අතේ දුවයි
01:19
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ ඇතුලත බලය STF සහ පොලිසිය අතට ගනී...
00:43
Video thumbnail
විපක්ෂ නායක හදිසියේම උතුරු නැගෙනහිර පා.මන්ත්‍රීවරුන් හමුවෙයි
01:17