මධ්‍යම අධිවේගී මාර්ගයේ ගාස්තු මෙන්න

අද විවෘත කෙරුණු මධ්‍යම අධිවේගී මර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටසේ ගාස්තු අයකිරීම් සිදුවෙන ආකාරය දැක්වෙන ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව ඇක්සල් දෙකේ රෝද හතරේ වාහන සඳහා අන්තර් හුවමාරු දෙකක් අතර අවම ගාස්තුව රුපියල් 100ක් වන අතර එහි උපරිම ගාස්තුව රුපියල් 250කි. ඒ මීරිගමින් ඇතුළුවී කුරුණෑගලින් පිටවීමටය.

ඇක්සල් දෙකේ රෝද හතරේ වාහන සඳහා මීරිගමින් ඇතුළුවී යග්ගපිටියෙන් පිටවීමට රුපියල් 250ක් අය කෙරෙන අතර ඇක්සල් දෙකේ රෝද හයේ වාහන සඳහා අන්තර් හුවමාරු දෙකක් අතර අවම ගාස්තුව රුපියල් 150ක්.

මීරිගමින් ආරම්භ වී කුරුණෑගලින් අවසන්වීමටත් මීරිගමින් ඇතුළුවී යග්ගපිටියෙන් පිටවීමට රුපියල් 350ක් අය කෙරේ.

ඇක්සල් දෙකට වැඩි වාහන සඳහා අන්තර් හුවමාරු දෙකක් අතර රුපියල් 150ක ගාස්තුවක් අය කෙරෙනවා. එම වාහන සඳහා මීරිගමින් ආරම්භ වී කුරුණෑගලින් අවසන්වීමටත් මීරිගමින් ආරම්භ වී යග්ගපිටියෙන් අවසන්වීමටත් රුපියල් 550ක ගාස්තුවක් අය කරයි.

ඊට අමතරව කුරුණෑගල සහ යග්ගපිටිය අතර ගාස්තුවක් අය කිරීමකින් තොරව ගමන් කිරීමට අවස්ථාව ලබාදී තිබේ.

cc 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42