මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසක් ජනතා අයිතියට

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ජනවාරි 15 වැනිදා ජනතා අයිතියට කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදිකර ඇති මෙම කොටසේ දුර කි.මි 40.91 කි. මේ සඳහා වැය කළ මුදල රුපියල් කෝටි 13700 ක් වනවා.

මෙම මාර්ගය මංතීරු හතරකින් සමන්විත වන අතර දේශීය අරමුදල් යොදවා දේශීය කොන්ත්‍රාත්කරුවන් මඟින් මෙම මාර්ග කොටස ඉදිකර ඇත.

අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 05ක් පිහිටා ඇත. මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානයන් එම අන්තර් හුවමාරු මධ්‍යස්ථාන පිහිටා ඇත.