මධ්‍යහන 12.00 වනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන්

පළාත් පාලන මැතිවරණයේ අද (06) දහවල් 12.00 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් නිකුත් වී තිබෙනවා.

ඒ, අනුව දිස්ත්‍රික්ක රැසක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 30% ඉක්මවා ගොස් ඇති ආකාරය දැකගත හැකියි.

මධ්‍යහන 12.00 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් පහතින්,

කොළඹ – 28%
මහනුවර – 33%
මන්නාරම – 40%
ත්‍රිකුණාමලය – 36%
බදුල්ල – 36%
ගාල්ල – 35%
මාතර – 42%
යාපනය 35%
අනුරාධපුර – 30%
පොළොන්නරුව – 34%
කෑගල්ල – 33%
අම්පාර – 31%
රත්නපුර – 30%
පුත්තලම – 30%
කුරුණෑගල – 30%