මද්දකට හසුවීමෙන් තවත් කඳුකර කොටියෙක් මියයයි (ඡායාරූප)

බුලත්කොහුපිටිය ඉහළ උඩුව ප්‍රදේශයේදී මද්දකට හසුවීමෙන් මියගොස් සිටි කඳුකර කොටියෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.

අද උදෑසන පාසල් සිසුවෙකු අතුරු මාර්ගයකින් පාසල වෙත යමින් සිටියදී කොටියා මද්දට හසුවී සිටින ආකාරය දැක ගම්වාසීන් දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව ප්‍රදේශවාසීන් පැමිණ කළ සොයා බැලීමෙන් ටික වේලාවකට පසු එම සත්වයා මරණයට පත්ව තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ කාලයක සිට තම ප්‍රදේශයේ නිවෙස්වල සුනඛයන් ඇතුලු සතුන් අතුරුදන් වූ අතර මියගොස් ඇති මෙම කොටියා විසින් එම සතුන් ආහාරයට ගන්නට ඇති බවයි.

පිරිමි සතෙකු වන මෙම කොටියා ගැහැණු සතෙකු සහ පැටවුන් 4 දෙනෙකු සමග සිටින ආකාරය ගම්වාසීන් අවස්ථා කිහිපයකදී දැක ඇතැයි ද සඳහන්.

බුලත්කොහුපිටිය පොලිසිය සහ වන ජීවී නිලධාරීන් මේවන විට එම ස්ථානයට පැමිණ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
00:47
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
02:12
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
01:35
Video thumbnail
එන්න එන්නම දරුණු වෙන ඩෙංගුව ගැන විශේෂ හෙළිදරව්වක්
06:44