මතුගම දී විපක්ෂයට එරෙහිව පොල් ගැසීමක්

මතුගම වෝගන් වතුයායේ දමිළ ජනතාව විසින් වතු ජනතාවගේ වැටුප් වැඩි කිරම සම්බන්ධයෙන් විපක්ෂය විසින් දක්වන විරෝධී කරුණුවලට එරෙහිව මතුගම, වෝගන් වත්තෙහි උඩ කොටසෙහි පිහිටි මුත්තුමාරි අම්මන්කෝවිල වෙත ගොස්  කන්නලව්කර පොල් ගැසීමක් සිදුකර තිබෙනවා.

එහිදී ඔවුන් කියා සිටින්නේ වැටුප් වැඩිවීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ස්තුතියිවන්ත වන බවත් විපක්ෂය විසින් එයට විරුද්ධව කටයුතු කිරීම නිසා මින් ඉදිරියට ඔවුන්ට එම ජනතාවගේ කිසිඳු ඡන්දයක් ලබාදීමට බලාපොරොත්තු නොවන බව‍යි.