spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මතීෂ ගැන දෝණිගේ ප්‍රකාශයට මාලිගෙන් සැර උත්තරයක්

ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතිෂ පතිරණ ටෙස්ට් තරග සඳහා ක්‍රීඩාකළ යුතු බව ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් වෙබ් අඩවියක් වන ක්‍රීක් ඉන්ෆෝ වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මාලිංග මේ බව සඳහන් කර සිටියා.

මාලිංග එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ මතීෂ ටෙස්ට් තරග ක්‍රීඩා කිරීම තුළින් ඔහුට සිය පන්දුයැවීම සම්බන්ධයෙන් නිවැරදි තක්සේරුවකට පැමිණිය හැකිවනු ඇති බවයි.

ලසිත් මාලිංග මේ බව සඳහන් කර සිටියේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මතීෂ පතිරණ ක්‍රීඩා කරන චෙන්නායි සුපර් කිංග්ස් නායක මහේන්ද්‍ර සිං දෝණි පසුගිය දා මතිෂ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයට පිළිතුරක් වශයෙන්.

දෝණි එහිදී සඳහන් කර සිටියේ මතීෂ පතිරණ ඉදිරියේ දී සීමිත පන්දුවාර තරග සඳහා පමණක් එක්කර ගැනීම ශ්‍රී ලංකා ඉදිරි ක්‍රිකට් සඳහා ඉතා යෝග්‍ය වනු ඇති බවයි.

කෙසේ වෙතත් මාලිංග ඊට පිළිතුරු සපයමින් වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙවැන්නක්.

“ඔහුට පන්දු යැවීමේ බුද්ධියද අවශ්‍යවනවා, මන්ද තරඟ කිහිපයකට පසු ප්‍රතිවාදීන් ඔබ කවුදැයි සොයාබලන නිසා, එතැන් සිට බේරෙන්නේ කෙසේදැයි ඔබ ඉගෙන ගත යුතුයි. මම හිතන්නේ ඒකට හොඳම දේ ටෙස්ට් තරග 10ක් 15ක් ක්‍රීඩා කරන එක. ඔබ ඔබේ පන්දු යැවීමේ යෝග්‍යතාවය ගොඩනගා ගන්නේ එලෙසින්, මම ටෙස්ට් තරග 30ක් ක්‍රීඩා කර තිබෙනවා. එය මට එක්දින සහ විස්සයි විස්ස සඳහා පන්දු යැවීමේ යෝග්‍යතාවය ගොඩනගා ගැනීම ඉතා වැදගත් වුණා. මොකද ඔබ ඉනිමකට ඕවර 25-30 ක් යවන විට එම සියලු අංශ තුළින් ඔබේ දක්ෂතාවය පවත්වා ගත යුතු නිසා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
150
+1
9
+1
44
+1
12
+1
5
+1
17
+1
15
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?