මතීෂ ගැන දෝණිගේ ප්‍රකාශයට මාලිගෙන් සැර උත්තරයක්

ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතිෂ පතිරණ ටෙස්ට් තරග සඳහා ක්‍රීඩාකළ යුතු බව ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් වෙබ් අඩවියක් වන ක්‍රීක් ඉන්ෆෝ වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මාලිංග මේ බව සඳහන් කර සිටියා.

මාලිංග එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ මතීෂ ටෙස්ට් තරග ක්‍රීඩා කිරීම තුළින් ඔහුට සිය පන්දුයැවීම සම්බන්ධයෙන් නිවැරදි තක්සේරුවකට පැමිණිය හැකිවනු ඇති බවයි.

ලසිත් මාලිංග මේ බව සඳහන් කර සිටියේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මතීෂ පතිරණ ක්‍රීඩා කරන චෙන්නායි සුපර් කිංග්ස් නායක මහේන්ද්‍ර සිං දෝණි පසුගිය දා මතිෂ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයට පිළිතුරක් වශයෙන්.

දෝණි එහිදී සඳහන් කර සිටියේ මතීෂ පතිරණ ඉදිරියේ දී සීමිත පන්දුවාර තරග සඳහා පමණක් එක්කර ගැනීම ශ්‍රී ලංකා ඉදිරි ක්‍රිකට් සඳහා ඉතා යෝග්‍ය වනු ඇති බවයි.

කෙසේ වෙතත් මාලිංග ඊට පිළිතුරු සපයමින් වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙවැන්නක්.

“ඔහුට පන්දු යැවීමේ බුද්ධියද අවශ්‍යවනවා, මන්ද තරඟ කිහිපයකට පසු ප්‍රතිවාදීන් ඔබ කවුදැයි සොයාබලන නිසා, එතැන් සිට බේරෙන්නේ කෙසේදැයි ඔබ ඉගෙන ගත යුතුයි. මම හිතන්නේ ඒකට හොඳම දේ ටෙස්ට් තරග 10ක් 15ක් ක්‍රීඩා කරන එක. ඔබ ඔබේ පන්දු යැවීමේ යෝග්‍යතාවය ගොඩනගා ගන්නේ එලෙසින්, මම ටෙස්ට් තරග 30ක් ක්‍රීඩා කර තිබෙනවා. එය මට එක්දින සහ විස්සයි විස්ස සඳහා පන්දු යැවීමේ යෝග්‍යතාවය ගොඩනගා ගැනීම ඉතා වැදගත් වුණා. මොකද ඔබ ඉනිමකට ඕවර 25-30 ක් යවන විට එම සියලු අංශ තුළින් ඔබේ දක්ෂතාවය පවත්වා ගත යුතු නිසා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10