මත් සාදයක දී ඇමති ආරක්ෂක පොලිස් සැරයන්ගේ අවිය පත්තු වේ

මත්පැන් සාදයක් අතර තුර ඇමති ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පොලිස් සැරයන්වරයෙකු අත තිබූ ගිනි අවියක් ක්‍රියාත්මක වී ඇති බව ගොකරැල්ල පොලීසිය පවසනවා.

ඊයේ (25) රාත්‍රියේ ගොකරැල්ල – මැල්සිරිපුර ප්‍රදේශයේ අවන්හලක දී මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වුණේ.

ශ්‍රී පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී යූ.කේ.සුමිත් උඩුකුඹුරගේ ආරක්ෂාව සඳහා අනියුක්ත කර සිටි පොලිස් සැරයන්වරයෙකු තවත් පුද්ගලයෙකු සමඟ මැල්සිරිපුර ප්‍රදේශයේ අවන්හලක දී මත්පැන් සාදයක් පවත්වා තිබෙනවා.

එම අවස්ථාවේ දී පොලිස් සැරයන්වරයා භාරයේ තිබූ රාජකාරි පිස්තෝලය මෙලෙස ක්‍රියාත්මක වී ඇති බවයි වාර්තා වුණේ.

එහිදී උණ්ඩ 02ක් නිකුත් වී ඇති අතර, ඉන් ඒ අසළ සිටි කිසිවෙකුටවත් හානියක් සිදුව නැහැ.

පොලිස් සැරයන්වරයාගේ අත්වැරදීමක් හේතුවෙන් ගිනි අවිය ක්‍රියාත්මක වන්නට ඇති බවට විශ්වාස කරන බවයි පොලීසිය සදහන් කරන්නේ.

සිද්ධිය සිදුවන අවස්ථාවේ දී මන්ත්‍රීවරයා එම ස්ථානයේ සිට නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21