spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මත් සාදයක දී ඇමති ආරක්ෂක පොලිස් සැරයන්ගේ අවිය පත්තු වේ

මත්පැන් සාදයක් අතර තුර ඇමති ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පොලිස් සැරයන්වරයෙකු අත තිබූ ගිනි අවියක් ක්‍රියාත්මක වී ඇති බව ගොකරැල්ල පොලීසිය පවසනවා.

ඊයේ (25) රාත්‍රියේ ගොකරැල්ල – මැල්සිරිපුර ප්‍රදේශයේ අවන්හලක දී මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වුණේ.

ශ්‍රී පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී යූ.කේ.සුමිත් උඩුකුඹුරගේ ආරක්ෂාව සඳහා අනියුක්ත කර සිටි පොලිස් සැරයන්වරයෙකු තවත් පුද්ගලයෙකු සමඟ මැල්සිරිපුර ප්‍රදේශයේ අවන්හලක දී මත්පැන් සාදයක් පවත්වා තිබෙනවා.

එම අවස්ථාවේ දී පොලිස් සැරයන්වරයා භාරයේ තිබූ රාජකාරි පිස්තෝලය මෙලෙස ක්‍රියාත්මක වී ඇති බවයි වාර්තා වුණේ.

එහිදී උණ්ඩ 02ක් නිකුත් වී ඇති අතර, ඉන් ඒ අසළ සිටි කිසිවෙකුටවත් හානියක් සිදුව නැහැ.

පොලිස් සැරයන්වරයාගේ අත්වැරදීමක් හේතුවෙන් ගිනි අවිය ක්‍රියාත්මක වන්නට ඇති බවට විශ්වාස කරන බවයි පොලීසිය සදහන් කරන්නේ.

සිද්ධිය සිදුවන අවස්ථාවේ දී මන්ත්‍රීවරයා එම ස්ථානයේ සිට නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?