මත් පෙති සහ ජීව උණ්ඩ සමඟ තරුණයෙකු අත්අඩංගුවට

හොරණ ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක වෛද්‍යවරයෙකුගේ නිල මුද්‍රාව සොරාගෙන අඟුරුවාතොට ගල්පාත ප්‍රදේශයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන්ට මත්පෙති සහ මත් කුඩු අලෙවියේ යෙදුණු පුද්ගලයකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සමඟ රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 7කට ආසන්න ප්‍රමාණයක්, විවිධ වර්ගයේ මත් පෙති 20ක්, වෛද්‍යවරයෙකුගේ නිල මුද්‍රාවක් මෙන්ම T56 ජීව උණ්ඩ දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇතැයි සඳහන්.

අඟුරුවාතොට ගල්පාත ප්‍රදේශයේ වැලිගොඩ දමන රැකියාවේ නියුතු පුද්ගලයන්ට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ යෙදෙන සැකකරු සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මත්කුඩු සමග ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී කුඩා පෙට්ටියක බහා තිබූ මත් පෙති කිහිපයක්, වෛද්‍යවරයෙකුගේ නිල මුද්‍රාව සහ T56 උණ්ඩ දෙකක් සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු හමුවට පැමිණෙන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන්ට මත් කුඩු ලබාදීමට නොහැකි අවස්ථාවලදී රුපියල් 500ක් හෝ 1000 වශයෙන් මුදල් ලබාගෙන ෆාමසිවලින් මිලදී ගැනීම සඳහා අධි මාත්‍රා ඖෂධ කොලවල සටහන් කර නිල මුද්‍රාව තබා ලබාදෙන බව ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22ක තරුණයෙක් වන තර ඔහු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට
නියමිතයි.

අඟුරුවාතොට පොලිසිය මෙම සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38