මත් ජාවාරම්කරු වැල්ලේ සුරංගගේ, සහෝදරයා නූලෙන් බේරෙයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වැල්ලේ සුරංග නැමැත්තාගේ සහෝදරයා ඉලක්ක කර අද (07) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් එම ඉලක්කය වැරදී ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කොටහේන, ඉබ්බගෙවත්ත හංදිය ප්‍රදේශයේ දී වෙඩි තැබීම සිදුව ඇති අතර, වැල්ලේ සුරංග නැමැත්තාගේ සහෝදරයා නඩුවකට පෙනී සිටීම සඳහා අලුත්කඩේ අධිකරණ වෙත යමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

වැල්ලේ සුරංගගේ සහෝදරයා වන ගමගේ සනත් රුවන් නැමැති පුද්ගලයා ඉබ්බගේවත්ත හංදිය ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයකින් යමින් සිටිය දී මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවෙක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ටී-56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, වෙඩි තැබීම සිදුකරන අවස්ථාවේ දී වැල්ලේ සුරංගගේ සහෝදරයා ත්‍රිරෝද රථයයෙන් බැස දිවගොස් දිවි ගලවාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි ප්‍රහාර සිදුවූ ස්ථානයේ තිබී හිස් පතරොම් කොපු හතරක් සොයාගත් බව පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25