spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මත් ජාවාරම්කරු වැල්ලේ සුරංගගේ, සහෝදරයා නූලෙන් බේරෙයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වැල්ලේ සුරංග නැමැත්තාගේ සහෝදරයා ඉලක්ක කර අද (07) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් එම ඉලක්කය වැරදී ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කොටහේන, ඉබ්බගෙවත්ත හංදිය ප්‍රදේශයේ දී වෙඩි තැබීම සිදුව ඇති අතර, වැල්ලේ සුරංග නැමැත්තාගේ සහෝදරයා නඩුවකට පෙනී සිටීම සඳහා අලුත්කඩේ අධිකරණ වෙත යමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

වැල්ලේ සුරංගගේ සහෝදරයා වන ගමගේ සනත් රුවන් නැමැති පුද්ගලයා ඉබ්බගේවත්ත හංදිය ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයකින් යමින් සිටිය දී මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවෙක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ටී-56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, වෙඩි තැබීම සිදුකරන අවස්ථාවේ දී වැල්ලේ සුරංගගේ සහෝදරයා ත්‍රිරෝද රථයයෙන් බැස දිවගොස් දිවි ගලවාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි ප්‍රහාර සිදුවූ ස්ථානයේ තිබී හිස් පතරොම් කොපු හතරක් සොයාගත් බව පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?