spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මත්පෙති විකිණූ දොස්තර රිමාන්ඩ්

මත්පෙති සමගින් අත් අඩංගුවට ගත් බදුල්ල මහ රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරයා ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයයි මෙම නියෝගය ලබාදුන්නේ.

ඊයේ (14) රාත්‍රී 8.30ට පමණ බදුල්ල විහාරගොඩ ප්‍රදේශයේදී පොලිස් විශේෂකාර්ය බළකායේ නිලධාරින් විසින් උපාය දූතයෙකු මාර්ගයෙන් සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකාර වෛද්‍යවරයා බදුල්ල මයිලගස්තැන්න ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේදී දීර්ඝ කාලයක සිට පාසල් දරුවන්ට මෙන්ම තරුණ තරුණියන්ට මත්පෙති අලෙවි කරන බවට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකර තිබුණා.

මෙම වෛද්‍යවරයාගේ මෝටර් රථය මෙන්ම ඔහු සතුව තිබූ මත් පෙති තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?