මත්පෙති තොගයක් සමඟ 2ක් අත්අඩංගුවට

මත්පෙති (Pregabalin Capsules) 2820ක තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව, පොලිසිය සමග එක්ව සිදු කළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිලාවතුර කල්ලාරු මාර්ග බාධකය අසල සහ අච්චානකුලම් ප්‍රදේශයේයි මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම සිදු කර ඇත්තේ.

වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනය, මන්නාරම අපරාධ විමර්ශන කාර්යාංශය හා එක්ව කල්ලාරු මාර්ග බාධකය අසල සෝදිසි මෙහෙයුමකදී, සැකකටයුතු පුද්ගලයෙකු පරීක්ෂාවට ලක් කර තිබුණා.

එහිදී එම සැකකරු සන්තකයේ තිබී මත්පෙති 120ක් අත්අඩංගුවට ගත් අතර, වැඩිදුර ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ ‍තොරතුරු මත අච්චානකුලම්, නානාට්ටාන් ප්‍රදේශයේ නිවසක් තුළ සඟවා තිබූ තවත් මත්පෙති 2700ක තොගයක් සමඟ තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22ක් සහ 23ක් වන සිලාවතුර සහ නානාට්ටාන් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවටයි හඳුනාගෙන ඇත්තේ. එම සැකකරුවන් දෙදෙනා සහ මත්පෙති තොගය වැඩිදුර විමර්ශණ සඳහා සිලාවතුර පොලීසිය වෙත භාරදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13