මත්පැන් සාදය මැද අපරාධයක් – සඟවන්න හැදූ සියල්ල හෙළිවෙයි

පැල්මඩුල්ල ප්‍රදේශයේදී මුගුරකින් පහරදී තරුණයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (11) සවස් කාලයේදී පැල්මඩුල්ල රිල්හේන ප්‍රදේශයේ තරුණයෙකු අතුරුදන් බවට පියා විසින් පොලිසියට කළ පැමිණිල්ලකට අනුවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරුණේ.

ඒ අනුව පොලිසිය කළ විමර්ශනයේදී හෙළිවී ඇත්තේ අතුරුදන් වූ තරුණයා පෙරේදා (10) රාත්‍රී කාලයේ එම සැකකරුගේ නිවසේ මත්පැන් පානය කර ඇති බවයි.

ඔවුන් දෙදෙනා මත්පැන් පානය කරමින් සිටින අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් අතුරුදන් වූ බවට පැවසෙන තරුණයාට බීමත්ව සිටි අනෙක් තරුණයා විසින් මුගුරකින් පහරදී ඇති බවට හෙළිවී තිබෙනවා.

ඒ අනුව පහරදීම සිදු කළ රිල්හේන වත්ත ප්‍රදේශයේම පදිංචි 31 හැවිරිදි තරුණයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සිද්ධිය සම්බන්ධයෙන් හෙළිකර ඇති බවයි පොලිසිය කියාසිටියේ.

සැකකරු ප්‍රකාශකර ඇත්තේ අදාළ පහරදීමෙන් තරුණයා මියගිය පසු ඔහුගේ සිරුර අසල ඇති කැලෑවකට ඇදගෙන ගොස් වළක් හාරා මෘත ශරීරය වළ දැමීමට උත්සාහ කර ඇති බවයි.

එම මළ සිරුර ද සැකකරුගේ මග පෙන්වීම මත සොයාගෙන ඇතැයි පොලිසිය සඳහන් කළා.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ රිල්හේන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙක්.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර දෙදෙනා අතර පැවති පැරණි අමනාපයක් මෙම ආරවුලට මුල්වී ඇතැයි හෙළිවී තිබෙනවා.

ඒ හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය දැනට සිදු කළ විමර්ශනයේදී අනාවරණ කරගෙන ඇති අතර පැල්මඩුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46