මත්පැන් මිල ගණන් ඉහළට

මත්පැන් මිල ගණන් සංශෝධනය කළ බව ඩිස්ටිලරීස් සමාගම (Distilleries Company of Sri Lanka PLC) පවසනවා.

මෙම මිල ඉහළ දැමීම 2024 ජනවාරි පළමු වනදා සිට ක්‍රියාත්මක අතර වැට් වැඩිවීම මත මිල ගණන් සංශෝධනය කර ඇති බවයි එම සමාගම සඳහන් කළේ.

මිල සංශෝධනය අනුව මිලිලීටර් 750 මත්පැන් බෝතලයක මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 90කින්.

මිලිලීටර් 375 මත්පැන් බෝතලයක මිල රුපියල් 50කින් ඉහළ නංවා තිබෙනවා.

මිලිලීටර් 180 මත්පැන් බෝතලයක මිල රුපියල් 20කින් මිල ඉහළ නංවා ඇති බවයි ඩිස්ටිලරීස් සමාගම ප්‍රකාශ කළේ.

එතනෝල්, හිස් මත්පැන් බෝතල්, මත්පැන් ලේබල, මූඩිය සහ නිෂ්පාදන කරන ලද මත්පැන් සහිත බෝතලයට වැට් බදු එකතු වීම හේතුවෙන් මෙම මිල සංශෝධනය සිදුවන බවයි එම සමාගම ප්‍රකාශ කළේ.

නව මිල ගණන් අනුව දැනට රුපියල් 3260කට අලෙවි කෙරෙන අතිවිශේෂ වර්ගයේ (ගල්) අරක්කු බෝතලයක මිල රුපියල් 3350ක් වනු ඇති.

මෙම වසර තුළ අවස්ථා දෙකක දී සුරාබදු ආදායම් ඉහළ නංවා ගැනීමේ අරමුණින් මත්පැන්වල මිල ඉහළ දැමීමට ද රජය කටයුතු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මොකක්ද මැඩම් මේ කරන වැඩේ තේරුම..
04:20
Video thumbnail
වැලිගම W15 හෝටලයට වෙ# තැබීමේ සිද්ධියට අධිකරණයට ආ දේශබන්දු
01:24
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45