spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මත්පැන් බෝතල්වල ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් සොයා වැටලීම් – දිස්ත්‍රික්ක 02ක මත්පැන් අලෙවිසැල් ගැනත් තීරණයක්

අලෙවියට තබා ඇති මත්පැන් බෝතල්වල ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් අලවා ඇති බවට ලද තොරතුරු මත ඒවා සොයා සුරාබදු දෙපාර්තමේන්තුව වැටලීම් ආරම්භකර තිබෙනවා.

මත්පැන් වර්ගවල ප්‍රමිතිය සහ බදු ගෙවන ලද බවත් සහතික කර ගැනීමේ අරමුණින් මෙම ස්ටිකර් ක්‍රමය හඳුන්වා දෙනු ලැබුවා.

මේ අතර, තෛපොංගල් උත්සවය දී ඇති අද දිනයේ දිවයිනේ දිස්ත්‍රික්ක දෙකක මත්පැන් අලෙවිසැල් වසා තබන ලෙස දන්වමින් සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත්කළ විශේෂ නිවේදනයක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සැරිසරනවා.

එම නිවේදනයේ දැක්වෙන ආකාරයට අද (15) දිනය තුළ බදුල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි මත්පැන් අලෙවිසැල් වසා තබන ලෙසයි දන්වා ඇත්තේ.

එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය සහ රිදීමාලියද්ද හැර අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි මත්පැන් අලෙවිසැල් වසා තැබිය යුතුයි.

අදාළ නිවේදනය පහතින්..

WhatsApp Image 2023 01 15 at 11.20.58 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?