මත්පැන් බෝතලයේ ස්ටිකරය ගැන සොයන්න නව ක්‍රමවේදයක් සකසන්න උපදෙස්

මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් අය විය යුතු බදු මුදල් අයකරගැනීමට ඉක්මනින් කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඔහු සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙම උපදෙස් ලබා දුන්නේ ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී යි.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සුරාබදු නිලධාරීන්ට පෙන්වා දුන්නේ මෙම වසරේ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 217ක් බවත් ජුනි මස වන විට උපයා ඇත්තේ රුපියල් බිලියන 72.985ක් පමණක් බවයි. මේ නිසා බලාපොරොත්තු වන ආදායමට ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ළඟා වී නොමැති බව ඔහු ප්‍රකාශ කළා.

මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ මත් පැන් මිල ඉහළ යාම හේතුවෙන් මත්පැන් නිෂ්පාදනය සහ අලෙවිය අවම වී ඇති බවයි. මේ හේතුවෙන් බලාපොරොත්තු වන ආදායමට ළඟා විය නොහැකි බව එම නිලධාරීන් දත්ත සහිතව පෙන්වා දී තිබෙනවා.

මෙහිදී මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේ වසර කිහිපයක සිටම සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම වැඩි වී නොමැති බවයි.

මේ හේතුවෙන් මත් පැන් මිල වැඩිවීම හමුවේ පමණක් ආදායම අවම වී ඇති බව නිරීක්ෂණය නොවන බවයි ඔහු සඳහන් කළේ.

එබැවින් මෙරට පවතින මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් නිවැදිව බදු අයකරගැනීමට කටයුතු කරන ලෙසට සහ යම් ආකාරයකින් බදු ගෙවීම පැහැර හරින නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර අහෝසි කිරීමට ද ඔහු උපදෙස් ලබා දී තිබෙනවා.

එසේම ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය වීමේ අවශ්‍යතාවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනු ලැබුවා. මෙම ආයතනය වසර 110ක අතීතයක් සහිත ආයතනයක් බවත් තවමත් මෙම ආයතනය ඩිජිටල්කරණය නොවීම දුර්වලතාවක් බවත් ඔහු ප්‍රකාශ කළා.

මත්පැන් නිෂ්පාදනාගාරවලදී සෑම මත්පැන් බෝතලයකටම ස්ටිකරයන් අලවන්නේදැයි පරීක්ෂා කිරීමට ක්‍රමවේදයක් සකස්කිරීමටද මෙහිදී කාරක සභාව උපදෙස් ලබාදී තිබෙනවා.

මෙහිදී සඳහන් වූයේ ස්ටිකර් රහිතව මත්පැන් බෝතල් වෙළඳ පොළට නිකුත් වීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය වන බවයි.

මේ නිසා ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට නිසි වැඩ පිළිවෙළක් සකස් කරන ලෙස කමිටුව නිලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබුවා.

එසේම ස්ටිකරය රහිතව මත්පැන් අලෙවිකරන මත්පැන් අලෙවිසැල්වල මත් පැන් බලපත්‍රය අහෝසි කිරීමට අවශ්‍ය කටයුතු ගන්නා ලෙසද මන්ත්‍රීවරයා උපදෙස් ලබාදී තිබෙනවා. තවද මත්පැන් නිෂ්පාදනාගාරවලට ලබාදෙන මූඩි ප්‍රමාණය සහ නිෂ්පාදනාගාරවලින් බෙදාහරින් බෝතල් ප්‍රමාණය පිළිබඳ පරීක්ෂා කර අක්‍රමිකතාවන් සිදු වන්නේ නම් ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීමටද උපදෙස් දෙනු ලැබුවා.

එසේම මත්පැන් නිෂ්පාදනාගාරවල සේවයේ සිටින සුරාබදු දෙපාර්තමේන්තුවට අනුයුක්ත නිලධාරීන් දීර්ඝකාලීනව එම සමාගම්වල සේවයේ සිටින නිසා දූෂණ සහ අක්‍රමිකතා සිදු වන බවට නිරීක්ෂණය වන බවත් මේ නිසා මෙම නිලධාරීන් කාලානුරූපීව හුවමාරු කිරීමට ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් මහින්දානන්ද අලුත්ගමගේ උපදෙස් ලබාදී තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්‍යකසෂමතාව වැඩි කරගැනීමට අවශ්‍ය, අතරමග නැවතී ඇති නීති සහ රෙගුලාසි මෙම කමිටුවට දැනුවත් කිරීමටත් කාරක සභාවේ සභාපතිවරයා උපදෙස් ලබා දුන්නා.

මෙම සාකච්ඡා කළ කරුණුවලට අදාළව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම වැඩිකරගැනීමට අවශ්‍ය සැලසුම් දක්වමින් සති දෙකක් ඇතුළත මෙම කමිටුවට වාර්තාවක් ලබාදීමටයි කාරක සභාවේ සභාපති මහින්දානන්ද අලුත්ගමගේ නිර්දේශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49