spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මත්පැන් ජාවාරමෙක් බෝතල් 40ක් එක්ක අල්ලයි

මත්පැන් ජාවාරමේ නිරතවන පුද්ගලයෙකු විදේශ මත්පැන් බෝතල් 40ක් සමග ගල්කිස්ස වටරප්පල පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පවසනවා.

ගල්කිස්ස වටරප්පල මාර්ගයේ දී යුක්තිය මෙහෙයුමට සමගාමීව පවත්වන ලද සෝදිසි මෙහෙයුමක් අතරතුර දී සුඛෝපභෝගී මෝටර් රථයකින් මෙම මත්පැන් බෝතල් ප්‍රවානය කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව ගල්කිස්ස පොලිසිය පවසා සිටිනවා.

සැකකරු වයස අවුරුදු 27 වන වන ගල්කිස්ස, වලව්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මෙම සැකකරු වට්ස්ඇප් යෙදවුම හරහා ගණුදෙනු කරුවන් වෙත මත්පැන් අලවිකිරීමේ කටයුතු සිදු කරගෙන ගොස් ඇති බවත්, මෙම විදේශ මත්පැන් තීරුබදු නොගෙවා රහසිගත අන්දමින් ළඟ තබාගෙන ඇති බව පොලිසිය කියා සිටිනවා.

සැකකරා පුද්ගලයා වැඩිදුර විමර්ශන සඳහා මත්පැන් තොගය සමග ශ්‍රී ලංකා රේගු නිලධාරීන් වෙත භාරදුන් බව ගල්කිස්ස පොලිසිය වැඩිදුරටත් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?