මත්පැන් අලෙවිසැල් පස්වරු 5.00 සිට වසාදමයි

අද (09) පස්වරු 5.00 සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා පිහිටි මත්පැන් සිල්ලරට විකිණීම සඳහා බලපත්‍ර ලත් සියලු මත්පැන් අලෙවිසැල් වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබෙනවා.

ඒ අනුව එම මත්පැන්හල් හෙට (10) දිනයේ විවෘත වන්නේ වෙනදා මෙන් සාමාන්‍ය පරිදි විවෘත කිරීම ඇති වේලාවට බවයි වැඩිදුරටත් නිවේදනය කරන්නේ.