මත්පැන් අලෙවිය නතර කරන්න – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය බැසිල්ගෙන් ඉල්ලයි

නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමට පෙර මැත්පැන් අලෙවිය සඳහා අවසර ලබාදීමට ගෙන ඇති තීරණය ගැටලු රැසකට මුල්වනු ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය පෙන්වාදෙන්නේ කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය ඉහළ යාම මෙන්ම, ගෘහස්ථ හිංසන, මාර්ග අනතුරු ඉහළ යාම ආදී ගැටලු රැසක් ඒ හරහා නිර්මාණය වනු ඇති බවය.

මේ හේතුවෙන් මත්පැන් අලෙවිය නතර කිරීමට සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස වෛද්‍ය සංගමය මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරයි.

අන්තර්ජාලය ඔස්සේ හෝ මත්පැන් අලෙවියට අවස්ථාව ලබා නොදිය යුතු බව ඔවුන් සිය ලිපියෙන් ඉල්ලා ඇත.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද පැවැති මාධ්‍ය හමුවකදි මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසු අවස්ථාවේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ කිසිදු ව්‍යාපාරික ස්ථානයක් විවෘත කිරිමට සුදුසු වාතාවරණයක් මෙතෙක් උදාවී නොමැති බවයි .

මේ අතර දෛනික කොවිඩ් ආසාදිතයින් අඩුවීමේ පදනම විද්‍යාත්මකව පැහැදිලි කිරිමේ හැකියාවක් සෞඛ්‍ය අමාත්‍යංශයට නොමැති බව රාසයානාගාර වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා පැවසීය.

රට වසා තබමින් වෛරස ව්‍යාප්තිය පාලනයට ගත් පියවර සාර්ථක බවට මේ වන විට නිරීක්ෂණය වී ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය.

  1. මේ වෙසිගෙ පුතා බැසිල් ඉන්නකම් රට ගොඩ ගන්න බැහෙ . ඌට ඔනෙ ඌගෙ හෙන්චය්යාලට සල්ලි හම්බ කරන බාර් සුරා සෙල් ඇරලා ඌට උන්ගෙන් ගානක් විතරයි . මූ මෙසෙරෙත් යන්නෙ රට නැත්තටම නැති කරලා. යන දවසට ගිය සෙරේ වාගෙම කාටත් නොකියා ගුවන් තොටු පලින් පිටවන්නෙ ඇමරිකාවට ; මෙහෙන් හොර කම් කරපුවත් අරගෙන



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26