මත්පැන්වල යූරියා අඩංගු බවට සිදු කළ ප්‍රකාශය ගැන CIDයට පැමිණිල්ලක් (වීඩියෝ)

දේශීය මත්පැන්වල යූරියා අඩංගු බවට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා.

මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත විසිනුයි අද මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ.

දර්ශන තන්ත්‍රිගේ නැමැති සමාජ ක්‍රියාකාරිකයෙකු ප්‍රසිද්ධ සමාජ මාධ්‍යයක් ඔස්සේ මත්පැන්වල යූරියා අඩංගු වී ඇති බවට ප්‍රකාශයක් සිදු කර ඇතැයි පැමිණිලිකරු පෙන්වා දෙනවා. ඔහු චෝදනා කරන්නේ අදාළ ප්‍රකාශය ඉතා බරපතල ප්‍රකාශයක් බවයි.

මත්පැන්වල යූරියා අඩංගු වී ඇත් නම් ඒවා පාරිභෝගිකයන්ට ඉතා අහිතකර බලපෑම් ඇති කරන බවත් මේ පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුව වහාම පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව පැමිණිලිකරු පෙන්වා දෙනවා.

එසේ නොමැතිව සාවද්‍ය තොරතුරු මත පදනම්ව මෙවැනි ප්‍රකාශයක් කර තිබේ නම් එම පුද්ගලයා පිළිබඳ වහාම පරීක්ෂණයක් ආරම්භ කර එයට හේතුව සොයා බැලිය යුතු බවයි සංජය මහවත්ත මාධ්‍ය වෙත කියා සිටියේ.

මෙම තොරතුර ලක්ෂ ගණනක පිරිසක් නරඹා ඇති අතර මේ පිළිබඳ වහාම පුළුල් පරීක්ෂණ ආරම්භ කළ යුතු බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12