මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් වාර්තා කරන්න විශේෂ කමිටුවක්

මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට හා මහජන ආරක්ෂක අමාත්‍යාංශයට වාර්තා කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා.

බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මෙම කමිටුව පත්කර ඇති බවයි.

ශ්‍රී ලංකාව තුළ සිදුවන සංවිධානාත්මක අපරාධ මැඩලීම හා පොලිසියේ කාර්යභාරය මැයෙන් අද (06) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

සංවිධානාත්මක අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා කෙටිකාලීන හා දීර්ඝකාලීනව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධව අධ්‍යයනයකින් පසුව ඒ සම්බන්ධ නිර්දේශයන් ඉදිරිපත් කරන බයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ.

අපරාධකරුවන් සම්බන්ධයෙන් නිවැරදි දත්ත පද්ධතියක් නොමැති වීම මෙරට අපරාධ ඉහළ යෑමට මූලික හේතුවක් බව ද දේශබන්දු තෙන්නකොන් මහතා සඳහන් කළා.

ඉදිරි මාස 03 ඇතුළත අපරාධ මැඩලීම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි ඔහු කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12