මත්ද්‍රව්‍ය සමඟ ගුවන්තොටේ දී ඇල්ලූ චීවරධාරීන් ගැන විමර්ශන තවදුරටත්

මත්ද්‍රව්‍ය සමඟ ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනුණු චීවරධාරීන් සම්බන්ධව විමර්ශන ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන බවයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ අපි ජාතිකව දියත් කරලා තියෙනවා රට පුරාම මෙහෙයුම් සාර්ථකව දියත් වෙනවා. එහි එක් පියවරක් හැටියට තමයි මත්ද්‍රව්‍ය කිලෝ 110කට අධික ප්‍රමාණයක් කටුනායක දී අත්අඩංගුවට ගන්නවා. ස්වාමීන් වහන්සේලා කිහිප නමක් ඇතුළුව, ඉතිං මේ පිළිබඳව විමර්ශනයක් සිද්ධ වෙමින් පවතිනවා. විමර්ශනය අනුව ඉදිරි කටයුතු සහ අවශ්‍ය පියවර ගන්නවා. අධිකරණයට කරුණු වාර්තා කරලා ඒ අනුව ඉදිරි විමර්ශන සිදුකරනවා.”

මේ අතර තායිලන්තයේ සිට රැගෙන ආ කුෂ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය සමඟ චීවරධාරීන් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව ගම්පහ, මීගහවත්ත ප්‍රදේශයේ දී ඊයේ (26) අත්අඩංගුවට ගැනුණු චීවරධාරියා මීට පෙරද මෙරටට මත්ද්‍රව්‍ය තොග රැගෙනවිත් ඇති බවට අනාවරණය වී තිබෙනවා.

දිවයිනේ විවිධ ප්‍රදේශව අල වෙසෙන චීවරධාරීන් 22ක් එක්කරගෙන මෙම විදෙස් සංචාරය ද සංවිධානය කර ඇත්තේ මෙම 22 හැවිරිදි චීවරධාරියා බවයි අනාවරණය වී ඇත්තේ.

ෆේස්බුක් සමාජ මධ්‍ය ජාලය ඔස්සේ මෙම තායිලන්ත සංචාරය සංවිධානය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මේ අතර මීට පෙර අවස්ථාවල දී මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ආ චීවරධාරීන් තිදෙනෙක් ද අත්අඩංගුවට ගැනුණු චීවරධාරීන් 22 දෙදෙනා අතර සිටින බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
2
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආපු සැලැස්මෙන් වර්තමාන ආණ්ඩුව පිට පැන්නා..මේ සැරේ රට වැටුණොත් ගොඩ ගන්න එක ලේසි නෑ
07:46
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
00:00
Video thumbnail
ඓතිහාසික ජනරජ දින සැමරුම දේශපාලන ප්‍රබලයින් රැසකගේ සහභාගීත්වයෙන් සිදුවුණ හැටි
03:13
Video thumbnail
පල්ලේගම හේමරතන හිමි රැගෙන එන මොහොතේ අධිකරණය ඉදිරිපිට උණුසුම් ?"ඔයා මෙතන පොර වෙන්න එපා"
02:41
Video thumbnail
අටමස්ථානාධිපතිට ඇප ලැබීම ගැන නීතිඥයෙක්ගෙන් අමුතු ප්‍රකාශයක්..ආගමට තියෙන විරෝදය මත පෙනී ඉන්න එපා
05:24
Video thumbnail
සුජීව ගල් අඟුරු කොමිසමට - පැලවත්ත කාඩර් එකෙන්නේ ඔක්කොම මෙහෙයවන්නේ..මේකත් ෂුවර් නෑ
06:15
Video thumbnail
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු
01:27
Video thumbnail
භික්ෂුවගේ ආවාසගෙට ගිහින් කට උත්තර අරන් තියෙන්නේ..නීතිඥ චානක අබේවික්‍රමගෙන් ප්‍රබල ප්‍රකාශයක්
07:29
Video thumbnail
ආණ්ඩුවේ කිසිවෙක් මහ ජනයාගේ මුදල් හොරකම් කරන්නේ නෑ..කෙනෙක් හිටියොත් ආණ්ඩුවේ ඉන්නත් බෑ
01:22
Video thumbnail
තිස්ස විතාරණ ගැන මතක් කරලා සජිත් පාර්ලිමේන්තුවේ සංවේදී වෙයි..උගත් ගුණවත් ජනතා පුත්‍රයෙක්
02:07