මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීම වැළැක්වීමට අද සිට විශේෂ මෙහෙයුමක්

මෙරට දැනට පැතිර යමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර පාලනය කර මුලිනුපුටා දැමීම මගින් අධ්‍යාත්මික වශයෙන් පරිපූර්ණ පුරවැසියන් නිර්මානය කිරීම සහ සදාචාරාත්මක ආ සුරක්ෂිත සමාජයක් ඇති කිරීමත්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් සමාජීය, ආර්ථික හා සෞඛ්‍ය ප්‍රතිවිපාකවලින් වර්තමාන හා අනාගත පරපුර ආරක්ෂා කර ගැනීමට පොලිසිය වෙත විශාල කාර්‍යයභාරයක් පැවරී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මෙම කාර්‍යයභාරය ඉටුකර ගැනීම සඳහා සියලු තරාතිරම්වල පොලිස් නිලධාරියන්ගේ සෘජු දායකත්ව‍යෙන් දිවයින පුරා විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

ඒ තුළින්,

  • රටේ අනාගත ළමා හා තරුණ පරපුර ඇතුළු සියලු පුරවැසියන් මත්ද්‍රව්‍ය උවදුරේ ගොදුරු බවට පත්වීම වළක්වාලීම
  • සමාජය තුළ මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරම හේතුවෙන් ඇති වන ව්‍යසනකාරී තත්ත්වය ඇතිවීම වැළැක්වීම
  • මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් ඇති වන සමාජ සංස්කෘතික, සමාජ සදාචාරාත්මක, ආර්ථික හා සෞඛ්‍යමය පරිහානිය වැළැක්වීම
  • මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් නීතිවිරෝධී ලෙස රටින් බැහැරට යන විදේශ විනිමය නතර කිරීමට පියවර ගැනීම
  • නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම හා බෙදාහරිනු ලබන ජාලය බිඳ හෙලීම

ඒ අනුව දිවයින පුරා විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන පුද්ගලයින් හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට අද (21) උදෑසන සිට විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සම්බන්ධව වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් නිලධාරින් දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවයි නිවේදනයේ දැක්වෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14