මත්ද්‍රව්‍ය රැගෙන සිරිපා වන්දනාවේ පැමිණි 44ක් අත්අඩංගුවට

විවිධ මත්ද්‍රව්‍ය වර්ග රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි 44 දෙනෙකු ගතවූ දෙදිනක කාලය තුල පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් නිල සුනඛයෙකුගේ ද සහායෙන් හැටන් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සිදු කළ මෙහෙයුම්වලදීයි මෙම පිරිස අත්අඩංගුවට පත්වී ඇත්තේ.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ යටිබේරිය ප්‍රදේශයේ දී ශ්‍රී පාද වන්දනාකරුවන් පැමිණෙන රථ වාහන පරික්ෂාවක දී මෙම පිරිස අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත් අඩංගුවට ගත් පිරිසෙන් 20 දෙනකුම අවුරුදු 18ත් 20ත් අතර තරුණයන් බව සඳහන්.

අත් අඩංගුවට ගත් සියලු සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ශ්‍රී පාදය වන්දනා කිරිම සදහා මෙම සති අන්තය තුලදි අති විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණීමත් සමග නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ දිගු පෝලිම් නිර්මාණය වී තිබෙනවා.

පෙරේදා සවස් කාලයේ සිටම හැටන් නල්ලතන්නිය මාර්ගයෙන් අති විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණීම සමගයි මෙම තත්වයන් නිර්මාණය වී ඇත්තේ.

මේ හේතුවෙන් ගඟුලතැන්නේ සිට ශ්‍රී පාද මළුව දක්වා දැඩි තදබදයක් පැවති බව ද සඳහන්.

එමෙන්ම වන්දනාකරුවන් රැගෙන විශාල රථ වාහන ප්‍රමාණයක් පැමිණීමත් සමග නල්ලතන්නියේ රථ වාහන නැවතුම්පලවල්වල ඉඩ ප්‍රමාණවත් නොවීමෙන් වාහන නල්ලතන්නියේ සිට මාඋස්සාකැලේ දක්වා මාර්ගයේ නතර කර තිබූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ශ්‍රී පාදය වන්දනා කිරිමට පැමිණෙන වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සඳහා පොලිසිය විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්ම කර ඇති අතර විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන පිරිස් අත්අඩංගුවට ගැනීමට ද පරීක්ෂණ ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33