හෙරෝයින් සහ අයිස් මත් කුඩු පැකට් කීපයක් ගිල දැමීම හේතුවෙන් රෝගී වූ තරුණයෙක් ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර තිබෙනවා.
රෝහල් ගත කර ඇත්තේ මහවැව – තොඩුවාව,කුඩාමඩුවැල්ල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
මත් කුඩු පැකට් ගිල දැමීම හේතුවෙන් නිවස තුළ සිහි මද ගතියෙන් සිටි අයව ඔහුගේ සහෝදරයා විසින් ඉකුත් 24 වැනිදා ප්‍රතිකාර සදහා රෝහල් ගත කිරීමට කටයුතුකර තිබෙනවා.
රෝහල් ගත කර ඇති තරුණයා මත් කුඩු භාවිතයට ඇබ්බැහිවී සිටි අයෙක්ද, එසේත් නැත්නම් වෙනත් හේතුවක් නිසා මත් කුඩු සහිත පැකට් ගිල දැමුවාද යන්න සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව තොඩුවාව පොලීසිය පවසනවා
